💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
ජන්ග්කුක් හිටියෙ සැප නින්දක ගිලිලා උනත් එයාගෙ ඔමේගගෙ උණුහුම නොදැනෙද්දි ඇල්ෆට ඉබේම ඇස් ඇරුනා.. ජන්ග්කුක් මුලින්ම බැලුවෙ බාත්රූම් එක දිහා.. සමහරවිට විට ජිමින් බාත්රූම් එකේ වෙන්න පුළුවන්..
ජන්ග්කුක්ගෙ ඇස් ඊළගට නතර උනේ ඇරිලා තිබ්බ කාමරේ දොර ළග..එයාට හොඳටම මතකයි නිදාගන්න එන්න කලින් දොර වහලා ආපු විත්තිය..
ඇඳෙන් බැස්ස ජන්ග්කුක් ඈනුමක් යවන ගමන්ම කාමරෙන් එලියට ඇවිත් කිචන් එක පැත්තට ඇවිදගෙන ගියා..
' කිචන් එකේ ලයිට්ස් ඕෆ් ' ඇල්ෆගෙ හිත නොසන්සුන් වෙන්න ගත්තත් එයාගෙ ජිමින් මේ ගෙදර වෙන ඕනම තැනක ඉන්න පුලුවන් කියලා හිත හදාගත්තා.
ආයෙමත් හැරිලා එන්න හැදුවත් ලා කහපාට පුංචි ආලෝකයක් කිචන් එකෙන් ආවම ජන්ග්කුක් ඒ දිහාවට ඇවිද්දෙ කුතුහලයෙන්..
' දෙයියනේ ජිමිනි...ඔයා මාව හොඳටම බය කලා ' ජන්ග්කුක් සැනසුම් සුසුමක් හෙළුවා..
ෆ්‍රිජ් එකේ දොරත් ඇරගෙන ඒක ඉස්සරහ බිම වාඩිවෙලා මොනවදෝ මංදා පැණිරස ජාති ගොඩක් කටට ඔබාගන්න හුරුබුහුටි ඔමේගව දැක්කම ඇල්ෆගෙ හදවත දියවෙලා යනවා කියලා එයාට තේරුනා.. පුංචි දරුවෙක් වගෙයි ජිමින්ව ඒ වෙලාවෙ ජන්ග්කුක්ට පෙනුනේ..
" බේබ්........" ජිමින්ගෙ පිටිපස්සෙන් දනගහගෙන වාඩිවුන ජන්ග්කුක් ගැඹුරු හඬකින් කිව්වා..
" ආආහ්හ්.....!!! " ජන්ග්කුක් මූණ අකුලගත්තෙ ජිමින්ගෙ කටින් පිටවෙච්ච ස්වරය ඒ තරම්ම දරුණු නිසා.
" ඇ-ඇල්ෆා! ඔයා මාව බය කලා " ජිමින් ඇස් ලොකු කරගෙන කිව්වා.
" අයිම් රියලි සොරි මයි ලව්..ඇයි මේ මහ රෑ ස්වීට්ස් කන්න හිතුනෙ.." ජිමින්ගෙ තඹ පාට කොන්ඩ කෑල්ලක් කන පිටිපස්සෙ රදවපු ජන්ග්කුක් ජිමින්ගෙ මූණට එබුනා.
" දුකට..."
" දුකට? " ජන්ග්කුක් ඇස් ගිලෙන හිනාවකින් හිනාවුනා..මේ දැන් එයාගෙ ඉස්සරහා මූණ පුම්බගෙන ඉන්න එයාගෙ ඔමේගව ජන්ග්කුක්ට මිරිකලා දාන්න තරම් ආස හිතෙද්දි එයා බිම වාඩිවෙලා ජිමින්ව උකුල උඩට අරගත්තා..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)