💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
" ඔහ් ෂිට්! උඩ බලාගෙන ද ඩ්‍රයිව් කරන්නේ මිනිහො.. තව ටිකෙන් ඉවරයි " මින්සුක් කේන්ති අරන් හිටියෙ එයාගෙ වාහනේ පැත්තට ඩ්‍රයිව් කරපු කාර් එකේ මනුස්සයා නිසා.. හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි බ්‍රේක් කරපු නිසා එයා නූලෙන් බේරුනත් වාහනේ හිටිය කෙනාව අඳුරගත්තට පස්සෙ මින්සුක්ගෙ ඇස් ලොකු වෙලා ගියා..
එතන හිටියෙ මහාචාර්ය ජියෝන් පන්ග්කුක්.. තනියම නෙවෙයි තවත් ගෑණු කෙනෙක් එක්ක..
නළලට ඉනුව දාඩියත් එක්කම පිටිපස්සෙ සීට් එක දිහා හැරිලා බලපු මින්සුක් බ්ලයින්ඩ් ෆෝල්ඩ් දාලා අත් ගැටගහලා තිබ්බ ජිමින් බලාගත්ත අත බලාගෙන ඉන්නවා දැකලා සුසුමක් හෙලුවා..
' හොඳ වෙලාවට බ්ලයින්ඩ් ෆෝල්ඩ් දැම්මෙ.. නැත්තං මං ඉවරයි ' එහෙම හිතුව මින්සුක් ඉක්මනින් එතනින් ඉස්සරහට කාර් එක ඩ්‍රයිව් කරන් ඇවිත් හොස්පිට්ල් පාකින් ලොට් එකේ මුල්ලකට වෙන්න නතර කලා..
ජන්ග්කුක් හොස්පිට්ල් එකෙන් ඉවතට ගියපු එක තමයි මින්සුක්ට තිබ්බ එකම සැනසීම උනේ.
එයා රෑ හත විතර වෙද්දි තමන් අඳුනන ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න ඇවිත් හිටියෙ ජිමින්ව පරීක්ෂා කරගන්න.
ජිමින්ගෙ බ්ලයින්ඩ් ෆෝල්ඩ් අයින් කරපු මින්සුක් ජිමින්ගෙ මූණට එබුනා..
" එලියට ආවම දගලන්න ලෑස්ති වෙන්න එපා.. එහෙම උනොත් මං මොනවා කරයිද කියලා මංවත් දන්නෑ " ජිමින්ගෙ බ්ලයින්ඩ් ෆෝල්ඩ් එක ගලවපු මින්සුක්, එයාගෙ කම්මුල් දෙපැත්තෙන් මිරිකගෙන අවවාද කලා..
වාහනෙන් බැහැපු ගමන් ජිමින්ගෙ අතකින් අල්ලගත්ත මින්සුක් එයාවත් එක්කගෙන හොස්පිට්ල් එක ඇතුලට ගියා. රිසෙප්ෂන් එකෙන් අහගෙන VOG ඉන්න රූම් එක ළගට එද්දි එතන හිටියෙ එක කපල් එකයි.. ජිමින් එක්ක පුටුවක වාඩිවුන මින්සුක් එයාලගෙ අවස්ථාව එනකම් බලාගෙන හිටියා..
පැය භාගයකට විතර පස්සෙ එයාලා හිටියෙ ඩොක්ටර් ඉස්සරහා.
මේ ඩොක්ටර් මින්සුක්ගෙ අයියගෙ යාලුවෙක් නිසාම ප්‍රශ්නයක් ආවත් ඒවා විසඳගන්න ලේසි නිසාමයි මින්සුක් අවදානමක් අරන් ජිමින්ව හොස්පිට්ල් එකට එක්කගෙන ආවෙ..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)