Chapter 38 | vomiting

701 196 37
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠


" බේබි.. ඔයා මට ආදරෙයි ද? " ජිමින්ව මළකඳක් වගේ තමන්ට තුරුළු කරගෙන හිටිය මින්සුක් කාමරේ පැතිරිලා තිබ්බ නිහඬ බව නැති කරලා එයාගෙ අත් ජිමින්ගෙ රතු පාට පැල්ලම් පිරුණු සිරුර පුරා යවන ගමන් ඇහුවා.. තමන්ගේ අකීකරු බව පෙන්නන්න වගේ ජිමින් මින්සුක් අහන කිසිම දේකට උත්තර නොදී ඉන්න තීරණය කරලා තිබ්බෙ සති කිහිපයකට කලින් ඉදන්.

දැනට හරියටම මාසයක් වෙනවා මින්සුක් ජිමින්ව පැහැරගෙන ඇවිත්.. සති තුනක් යනකම්ම එයාට කාමරයක් ඇතුලෙ හිරවෙලා ඉන්න සිද්ද වෙද්දි ජිමින් හිටියෙ හිසි විකල් වුන මනුස්සයෙක් ගානට. මින්සුක් ඒතරම් මේ ඔමේගව අසරණ කරලා තිබ්බා.

" කියන්න බේබි.. මට ආදරෙයි නේද? කෝ බලන්න මං දිහා" තමන්ගේ ඇගිලි වලින් ජිමින්ගෙ සුදුමැලි වුන කම්මුල් මිරිකලා ගත්ත මින්සුක් ජිමින්ගෙ මූණට එබුනා..

" කතා කරනවා ජිමින්! මගෙ තරහා අවුස්සන්න එපා" ජිමින්ගෙ කම්මුල් මින්සුක්ගෙ ඇගිලි අතරෙ තදින් තෙරපෙද්දි එයා කෙදිරිගෑවා.

" කියනවා ඉතිං "

" ආ- ආදරෙයි " මින්සුක්ගෙ බලකිරීමට එයා කිව්වා. කිසිම හැඟීමක් නැති විදිහට.. තවදුරටත් මින්සුක්ට විරුද්ධ වෙන්න ජිමින්ට ශක්තියක් තිබ්බෙ නෑ.

මින්සුක් හිනාවෙලා ජිමින්ගෙ තොල් රළු විදිහට සිපගද්දි ජිමින් සිවිලිම දිහා බලාගෙන හිටියා. මේ මාසෙ පුරාවටම එයාට උරුම වුනේ මේ යක්සයා අතින් දූෂණය වෙන්න විතරයි.. ජිමින් ඒ ගැන හිතන්නවත් අකමැති වුණා.. ඒක කොයිතරම් ජරා හැඟීමක් ද කියලා එයා දන්නවා.. ජිමින්ට තමන් ගැනම ලොකු පිළිකුලක් දැනෙමින් තිබ්බා..

ඇස් වලින් ගලන කඳුළු එක්ක එයා ප්‍රාර්ථනා කලේ ජන්ග්කුක් ළගට ඉක්මන් යන්න ලැබෙන්න කියලා..

.
.
.
.
.
.
.
.
.

ඊළග දවසෙ උදේ ජිමින්ට ඇහැරුනේ ඇඟ පුරා ගමන් කරන රළු අතක ස්පරශයට. ජිමින් අවදි වුන බව දැක්ක මින්සුක් එයාගෙ කම්මුල සිපගත්තා.

" මං අද කොලේජ් යන්නෑ පැටියෝ. මුළු දවසම ඔයත් එක්ක.. " හිනාවක් නැති ජිමින්ගෙ කම්මුලක් මිරිකුව මින්සුක් කිව්වා.. ජිමින් හොඳින්ම එක දෙයක් දැනගෙන හිටියා.. ඒ මින්සුක් කියන්නේ මානසික රෝගයක් තියෙන ඇල්ෆාවෙක් කියලා..එහෙම නෙවෙයි නම් තවත් මනුස්සයෙක්ව හිර කරගෙන බලහත්කාරකම් කරන්නෑනෙ.

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now