💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
ජන්ග්කුක් වෙනදා වගේම කළු පාට ඇදුමකින් සැරසිලා අද දිනට නියමිත පලවෙනි දේශනය සඳහා දේශන ශාලාවට ආවා.. වේදනාව, පසුතැවීම විතරක් ඉතුරු වෙලා තිබ්බ ඒ මූණෙ කලින් තිබ්බ ප්‍රසන්න හිනාව ආයෙ කවදා දකින්න ලැබෙයි ද කියලා කවුරුවත් දන්නෑ.. කලින් හිටිය ජන්ග්කුක්ට මොකද උනේ කියලාවත් එතන හිටිය කවුරුවත් දන්නෙ නෑ..
හැමෝම දන්නෙ එයා ප්‍රශ්නෙකින් ඉන්නවා කියලා විතරයි.
දේශනය පටන් අරන් විනාඩි විස්සකට විතර පස්සෙ මින්සුක් දේශන ශාලාවට එන දොර ඉස්සරහා හිටගෙන හිටියා.
" එක්ස්කියුස් මී ප්‍රොෆෙසර්..."
" හ්ම්... සිට් " මින්සුක් දිහා බලන්නවත් වෙහෙස නොවුන ජන්ග්කුක් කිව්වා. කලින් නම් ළමයි පරක්කු වෙලා එද්දි ජන්ග්කුක් එයාලව මඩවන්න පොඩි සද්දයක් දාලා බය කලත් ජන්ග්කුක්ගෙ ඒ හැසිරීම් එකක්වත් මේ වෙද්දි තිබ්බෙ නෑ..
ඒ එක්කම වගේ ළමයි අතරෙ කසුකුසුවක් යද්දි ජන්ග්කුක් ඔළුව හරවලා බැලුවෙ දොර දිහා..
ජිමින්...!
මින්සුක්ගෙ පිටිපස්සෙන් හිටගෙන හිටිය ජිමින්ව දැක්කම ජන්ග්කුක්ගෙ කළු ඇස් දිලිසෙන්න ගත්තා.. එයාට අදහා ගන්න බැරි උනා මේක ඇත්තක්මද කියලා..
ජන්ග්කුක්ට තමන්ගේ ලස්සනම හිනාවෙන් හිනාවුන ජිමින් මින්සුක් ළගට ඇවිත් එයාගෙ අතක තමන්ගේ අත පටලගන්න විදිහත්, ඊට පස්සේ දෙන්නම හිස් වෙලා තිබ්බ ඩෙස්ක් එකකට ගිහින් වාඩිවෙන හැටිත් ජන්ග්කුක් බලාගෙන හිටියා..
එකපාරටම පපුව රිදෙනවා වගේ හැඟීමක් දැනුනම පපුව අතකින් මිරිකන ගමන් මේසෙට බර වුන ජන්ග්කුක් තවමත් බලාගෙන හිටියෙ මින්සුක් එක්ක හිටිය ජිමින් දිහා..
වටපිටාව අඳුරු වෙලා යනවා වගේ ජන්ග්කුක්ට දැනුනා..
හැමදේම පාවෙනවා වගේ..
ඇස් අඟ රැදුන කඳුළු කැටයක් එක්කම ජන්ග්කුක් ඇස් පියාගත්තා..
.
.
.
.
.
.
.
.
." ජිමිනාහ්හ්... " ජන්ග්කුක් හයියෙන් කෑගැහුවා.. එයා හිටියෙ අඳුරු තැනක.. හරියටම ඒක අඳුරු කාමරයක්.. ආලෝකය ගලාගෙන ආව දොරක් තිබුණු..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)