💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
" ඇල්ෆා.. මං ඔයාට කෝෆි හැදුවා " එදා වැඩ අධික සඳුදාවක් වෙනකොට ජන්ග්කුක්ගෙ කාර්යාල කාමරයට ආව ජිමින් සිහින්ව කොදුරනකොට පරිගණකයෙන් ඇස් ඉවතට ගත්ත ජන්ග්කුක් තමන්ගෙ සීතල ඇස් ජිමින් දිහාවට එල්ල කරා.
කොහොමත් එයාට මේ වෙද්දි උණු කෝපි කෝප්පයක් පානය කිරීමේ අවශ්‍යතාවයක් තිබුනා තමයි.ජිමින් කෝපි ට්‍රේ එකත් අරගෙන ඇල්ෆගෙ ළගට එනකොට ඇල්ෆගෙ ඇස් එකපාරටම අඳුරු වුනේ ඔමේගා ළගින් වහනය වුන සුවඳ නිසා..
" ආ යු ඉන් යුවර් පීරියඩ්? "
" ආහ්! " ඇල්ෆා එකපාරටම අහපු ප්‍රශ්නෙත් එක්ක ඔමේගා සීතල වෙලා ගියා.ඔමේගට කොහොමද මේ වගේ දෙයක් අතපසු වුනේ?
" යෙස් ඕ නෝ? "
" යෙස්...බට් අම් රියලි සොරි ඇල්ෆා! මං ඒක හිතලා නෙවෙයි කලේ..ඇල්ෆා කියනකම් මට ඒක තේරුනේ නෑ.."
ජිමින් කෝපි කෝප්පෙ මේසෙන් තිබ්බෙ හොඳටම බය වෙලා.ඇල්ෆා එයාව මීට කලින් දැනුවත් කරලා තියෙනවා එයාගෙ හීට් එකේදි ඇල්ෆගෙ අහලකටවත් එන්න එපා කියලා.ඒ වගේම ඒ සදහා අවශ්‍ය බෙහෙත් පාවිච්චි කරන්න කියලත්..
අද ජිමින්ගෙ හීට් එකේ ආරම්භය විදිහට පීරියඩ් එක පටන් ගනිද්දි ඇල්ෆට ඒ බව ඔමේගගෙ බෙල්ලෙන් වහනය වුන ආකර්ෂණීය පෙරමෝන සුවඳින්ව දැනගන්න පුලුවන් වුණා..
" ගෙට් අවුට්! " ඇල්ෆා සද්දෙට කෑගහද්දි ඔමේගාව ඉක්මනින් එතැනින් ඉවතට ගියේ තමන්ගේ අතින් සිද්ද වෙච්ච වරද ගැන තමන්ටම දොස් පරවමින්..
ඔමේගගෙ පෙරමෝන සුවඳ ටිකෙන් ටික පහ වෙලා යනකොට ඇල්ෆා හොඳ හුස්මක් ගත්තෙ හිත සන්සුන් කරගන්න.. දැනටමත් එයාගෙ සිතුවිලි හොඳටම ව්‍යාකූල වෙලා ඉවරයි..ජිමින් තව ටික වෙලාවක් කාමරේ රැඳුනා නම් මොනවා වේවිද කියලා හිතලා බලද්දි ඇල්ෆා තමන්ගේ කොන්ඩය තදින් ඇඳගත්තා..
එයාට ඕනෙ නෑ තමන්ගේ තාත්තා බලෙන් ඇඟේ ගහපු ඔමේගාව එක්ක පවුල් කන්න..
තමන්ගේ කාමරේට ආව ජිමින් දොර වහලා දැම්මා.දැනටමත් එයාගෙ බඩ ඇතුළෙන් විශාල වේදනාවක් දැනෙනවා.
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)