💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
" ඔයා කොහෙද රෑ වෙනකම් ගිහින් හිටියෙ? " ජිමින් ඇහුවෙ සාලෙ සෝෆාවෙන් නැගිටලා ඇවිදගෙන එන ගමන්..දොර සද්දෙන් වහලා දාපු ජන්ග්කුක් ජිමින්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට එයා ඇඳගෙන හිටිය කලුපාට ෂර්ට් එකේ බොත්තම් ගලවන්න ගත්තා.
" ඔයා ඩ්‍රින්ක්ස් අරගෙන! " ජිමින් ජන්ග්කුක්ගෙ ළගට ඇවිත් ඇස් වහගෙන ලොකු හුස්මක් ගත්තා.හැමදෙයක්ම පොළඹවන සුළුයි.
ජන්ග්කුක්ගෙ පර්ෆියුම් සුවඳ එක්ක මිශ්‍ර වෙලා තිබ්බ ඇල්කොහොල් සුවඳ ජිමින්ගෙ හැම ලේ බිංදුවක්ම උත්තේජනය කරද්දි ජිමින් සෙල්ලක්කාර විදිහට හිනාවෙවී ජන්ග්කුක්ගෙ බෙල්ල බදාගත්තා.
සෝෆාව ළග බිම වාඩිවෙලා හිටිය ෂ'මනුත් නැට්ට වන වන ජන්ග්කුක් ළගට ඇවිත් කකුල් අතරෙ නළියන්න ගත්තෙ උගුරෙන් සතුටු සද්දයක් දාන ගමන්.
ජිමින්ගෙ අත්දෙක බෙල්ලෙන් අයින් කරලා දාපු ජන්ග්කුක් එහෙම්මම වැනි වැනි සෝෆාව ළගට ගියා.
" කම් හියර් බේබි බෝයි! " ජන්ග්කුක් අතින් සන් කරලා බල්ලට කතා කලා.ජන්ග්කුක් ළගට නැට්ට වන වන දුවගෙන ආව ෂ'මන්ව ජන්ග්කුක් හුරතල් කරන්න ගත්තෙ ජිමින් මූණ නරක් කරගෙන ඒ දිහා බලාගෙන ඉද්දි.
ඇල්ෆා එනකම් බලාගෙන හිටිය ජිමින්ට අඩුව තරමෙ කිස් එකක්වත් දෙන්න ජන්ග්කුක්ට තිබුණා..ඒත් එයා ජිමින්ව ගණන් නොගෙන ෂ'මන්ව හුරතල් කරද්දි ජිමින්ගෙ හිතේ ඉරිසියාවක් ඇති වුණා..
ජිමින් තමන් ළගට ඇවිදගෙන එන විදිහත් ජන්ග්කුක් ඇස් කොනින් දැක්කා.ඊළගට තමන්ට එහා පැත්තෙන් වාඩිවෙලා තමන්ගේ වැලමිට අස්සෙන් අතක් දාලා ලං වෙන විදිහත් අනිත් අතින් කලවයක් පිරිමදින අතරෙ මූණට ලංවෙන විදිහත්...
" ඔයා රෑට කාලද ආවෙ? " ජිමින් හිමීට ඇහුවා.
" නෑ "
තවමත් ෂ'මන්ගෙ ඔළුව අතගාන ගමන් හිටිය ජන්ග්කුක් සීතල ගැඹුරු හඬින් කිව්වා.
නහර ඉලිප්පිලා පේන ඇල්ෆගෙ බෙල්ල දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය ජිමින් එකපාරටම බෙල්ලට ළංවෙලා ඒ මත තොල් තිබ්බත් එක්කම ජන්ග්කුක් හිටිය විදිහටම ගල්වෙලා වගේ බලාගෙන හිටියා..
ජිමින් මේ විදිහට ජන්ග්කුක් ඉස්සරහා හැසිරිලා නැති තරම්..එයා ගොඩක් වෙලාවට ජන්ග්කුක් හැමදෙයක්ම පටන් ගන්නම් බලාගෙන හිටියත් අද තත්වය ඊට වෙනස් වුනාම ජන්ග්කුක් පවා පුදුම වුනා... හැමදේටමත් වඩා ජන්ග්කුක් ජිමින්ගෙ ආක්‍රමණශීලී හැසිරීමට ආස වෙද්දි එයා ඒ බව නොපෙන්වා ඉන්න ලොකු උත්සාහයක් ගත්තා..
" වොෂ් එකක් දාගෙන එනවද ඩිනර් ගන්න? " ජන්ග්කුක්ගෙ ඇස් දිහා බැල්ම හෙලපු ඔමේගා එයාගෙ ලස්සන කටහඬින් ඇහුවා..
" ඔව් "
හිස් මූණක් මවාගෙන කියපු ජන්ග්කුක් ජිමින්ගෙ අත් තමන්ගේ ඇඟෙන් ඉවත් කරලා නැගිටින්න හැදුවත් ඉක්මන් වුන ඔමේගා ඇල්ෆව ආයෙමත් සෝෆාවට ඇදලා දැම්මා..
ජන්ග්කුක් ඇස් රෝල් කරලා බලද්දි එකපාරටම ජන්ග්කුක්ගෙ උකුලට ආව ජිමින් ඇල්ෆගෙ කොලර් එකෙන් අල්ලගෙන එයාගෙ තොල් දරුණුවට සිපගන්න ගත්තා..
ජන්ග්කුක්ගෙ තොලුත් ඒකට ප්‍රතිචාර දෙන්න ගත්තෙ අත්දෙකෙන් ජිමින්ගෙ තට්ටම් තද කරලා අල්ලගන්න අතරෙ..
විනාඩි කිහිපයකට පස්සේ ජන්ග්කුක්ගෙන් ඈත් වුන ජිමින් උකුලෙන් බිමට බැස්සම ජන්ග්කුක් එයාගෙ තොල් වල ගෑවිලා තිබ්බ කෙල ටික අතින් පිහලා දැම්මා..
" මං ටේබල් එක රෙඩි කරන්නම් " ජිමින් ලාවට හිනාවෙලා කුස්සියට ඇවිදගෙන ගියා.
ජන්ග්කුක් තමන්ගෙ බෙල්ල අතගාන අතරෙ එයා එක්කම හිනාවුනා..
කොහොමත් එයා අද ක්ලබ් ගියේ උදේ දැක්ක දේවල් හිතින් මකාගන්න හොඳට බොන්න හිතාගෙන..එයා පැය ගාණක් ඇවිදගන්න බැරිවෙන තරමට ඇල්කොහොල් බෝතල් දෙකක්ම හිස් කරලා දැම්මා..
" ඒ කොල්ලා ජිමින්ගෙ යාලුවෙක් විතරයි! ඒක හැමදාටම එහෙමමයි! " ජන්ග්කුක් හිතාගත්තා..
" ඒ උනාට ඒ විදිහට අල්ලන්න දීලා බලාගෙන ඉන්න එකට නම් ඔයාට පනිෂ්මන්ට් හම්බෙනවා ජිමින්!! " ජන්ග්කුක් බාර් කවුන්ටර් එකට වාරු වෙලා පිස්සෙක් වගේ හිනාවුනා..
ජන්ග්කුක් වාහනය පදවන අතරෙ හිතට දැඩිව අවවාද කරගත්තා අද ජිමින්ව ගනන් ගන්නෑ කියලා..ඒ උනත් ඉතිං ජිමින් ආක්‍රමණශීලී විදිහට ජන්ග්කුක්ව පොළඹව ගනිද්දි ජන්ග්කුක්ට හැමදේම අමතක වෙලා ගියා.
මේ වෙද්දි එයාගෙ හිතේ නළියන්නෙ ජිමින්ව තමන්ට යටකරගෙන ඇතිවෙනකම් කෙදිරිගාවන්න ඕනෙ කියලා විතරයි!
💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
Astro Zoe 💀🦋
අප්ඩේට් හතරයි අද 🌝❤️
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)