Chapter 33 | Video Clip

714 188 32
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠

" ටේහ්‍යුන්ග්.. බලපන් මේ වීඩියෝ එක දිහා.. එයාලව අඳුනගන්න පුළුවන් ද? " ඊළග දවසෙ ටේහ්‍යුන්ග් යුනිවර්සිටි එකට එනකම්ම බලාගෙන හිටිය මින්සුක් එයාට යම්කිසි වීඩියෝ එකක් පෙන්නුවා..

" කවුද මේ? " ටේහ්‍යුන්ග් ඕනෑවට එපාවට ඇහුවා..

" හොඳට බලපන්..කවුරු වගේද පේන්නෙ? "

" ආහ්.. උබත් උදේම මොනා උස්සගෙන එනවද මංදා.. මං හිතුවෙ වීඩියෝ එකක් කිව්වම පෝර්න් එකක් කියලා " ටේහ්‍යුන්ග් ආයෙමත් වීඩියෝ ක්ලිප් එක බලන්න ගත්තේ කියව කියව..

" ප්‍රොෆෙසර් ජියෝන් වගේ පොඩි ලුක් එකකුත් තියෙනවා.. කවුද මේ? "

" ඔය ඉන්නේ ප්‍රොෆෙසර් ජියෝන් තමයි.. "

" මොකක්? උබට කොහෙන්ද මේක? උබ දැන් මිනිස්සුන්ගෙ ගෙවල් වලට පැනලා එයාලා කිස් කරන හැටි වීඩියෝ කරන්න පටන් ගත්තද ආහ්? "

" ඉඩියට්! මට එච්චර ඇම්මක් නෑ.. ෂීට් අපරාදෙ උබට මේවා කියන්න ගියේ.." මින්සුක් ෆෝන් එක අරන් ටේහ්‍යුන්ග්ට රැව්වා..

" ඕකේ ඕකේ.. ඉතිං ඕක මට පෙන්නලා උබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? "

" නෙවර්මයින්ඩ් "

" කියපන් ප්ලීස්.. මං කලින් ජෝක් එකක් කලේ " ටේහ්‍යුන්ග් සීරියස් විදිහට කිව්වා.

ටිකක් වෙලා ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටිය මින්සුක් ටේහ්‍යුන්ගෙ කනට කරලා යමක් කිව්වම ටේහ්‍යුන්ග් ඇස් නළලට ගත්තා..

" මොකක්? උබට පිස්සු ද? මොනාද ඔයා කියන විකාර "

" මට පිස්සු නෑ..මේකෙ තියෙනවා හැමදේම.."

" කෝ ආයෙ පෙන්නපන්.."

මින්සුක් ආයෙමත් වීඩියෝ එක ටේට පෙන්නුවා..මේ පාර නම් මිනිහා ඒ දිහා හොඳට බලාගෙන හිටියා..

" මට නම් ෂුවර් නෑ බන්..එතන ඉන්නේ එයාමයි කියලා උබ කියන්නේ කොහොමද.. අනික මූණ හරියට පේන්නෙත් නෑ.. සයිඩ් එකට ලාවට මූණක් පෙනුනට ඒ ජිමින් කියලා මට හිතෙන්නෑ.." ටේහ්‍යුන්ග් මින්සුක්ට පැහැදිලි කරන්න ගත්තා.

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now