💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
වෙලාව සවස හය පහුවෙලා විනාඩි කිහිපයක් ගෙවිලා ගිහින් තිබ්බා..
මින්සුක් ජිමින්ට එන්න කියලා තිබ්බ තැන අතෑරලා දාපු ගොඩනැගිල්ලකට.. ජන්ග්කුක් එක්ක ගොඩනැගිල්ල ළගට ආව ජිමින් ජන්ග්කුක් එයාට දුන්න පුංචි පිහියත් කලිසම් සාක්කුවේ ඔබාගෙන ගොඩනැගිල්ල ඇතළට යන්න ගියේ චකිතයෙන්.. ජන්ග්කුක් එයාට දුන්න ඉයර් බඩ් එක ඔන් කරගෙනම ජිමින් ජන්ග්කුක් කියපු දේවල් එකින් එක මතක් කරගත්තා..
ඒ වගේම ඒ මිනිහා තමන්ගෙන් ඉල්ලලා තිබ්බ සල්ලි බෑග් එකත් ජිමින් අරගෙන ආවෙ කොහොම හරි ඒ මිනිහා දන්න දේවල් පිටට යන එක නතර කරලා දාන්න හිතාගෙන..
ජිමින්ගෙ හැම ඉරියව්වක් දිහාම ගොඩනැගිල්ලෙ රූෆ් ටොප් එකට වෙලා බලාගෙන හිටිය මින්සුක් කටකොනට හිනාවුනා..එයා කැමරා කිහිපයක් ගොඩනැගිල්ලෙ සවි කරලයි තිබ්බෙ..
ජිමින් ගොඩනැගිල්ල ඇතුලට ඇවිත් වටපිට බැලුවෙ කවුරු හරි ඉන්නවද කියලා බලන්න..
" තර්ඩ් ෆ්ලෝ එකට එන්න " ජිමින්ගෙ ෆෝන් එක වයිබ්‍රේට් උනේ ඒ මැසේජ් එක ආව නිසා.
ජිමින් හොඳ හුස්මක් ගන්න ගමන් දියසෙවල බැඳිලා තිබුණ පඩිපෙල දිගේ ඉහළට ගියා..
ජිමින් තුන්වෙනි මහලට ඇවිත් වටපිට බැලුවත් විනාඩියක් විතර යනකම්ම එයාට කවුරුමවත් දැනගන්න ලැබුනෙ නෑ..
" ඉතිං කොහොමද ජිමින්! එහෙම නැත්නම් මං ප්‍රොෆෙසර් ජියෝන්ගෙ ස්ට්‍රිපර් කියන්නද ම්ම්? "
" මින්සුක්? තමුසෙ! " අඳුරු මුල්ලක ඉදන් එළියට ආව මින්සුක් දුෂ්ට හිනාවක් එක්කම කිව්වම ජිමින් එයා දිහා බැලුවෙ තරහෙන්.
" හ්ම්.. මින්සුක් තමයි.. ඔයා කවුරු කියලද හිතාගෙන හිටියෙ පැටියෝ! "
" තමුන් මොනාද දන්නෙ කියනවා.. මොනාද මට කියන්න තියෙනවා කිව්වෙ? එතකොට තමුන් ඉල්ලපු සල්ලී මං අරන් ආවා.. මේ වැඩේ මෙතනින් ක්ලෝස් වෙනවා නේද මේ සල්ලි ඔයාට දුන්නම? "
" ඔහෝ... මට සල්ලි ඕන නෑ පැටියෝ.. අමතක උනාද මං බිස්නස්මන් කෙනෙක්ගෙ පුතෙක් කියලා.. "
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)