💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
" හේයි ජිමිනාහ් මෙන්න ඔයා ඉල්ලපු පොත.." මේසය මතට වෙලා යමක් ලියමින් හිටිය ජිමින් ළගට ආව ටේහ්‍යුන්ග් විශාල පොතක් ජිමින්ගෙ මේසෙ උඩින් තිබ්බම ජිමින් ඔළුව උස්සලා බැලුවා.ඊළගට ටේහ්‍යුන්ග් දුන්න පොත අත් දෙකෙන්ම ගත්ත ජිමින් මූණ පිරෙන්න හිනාවුනා..
" අනේ තැන්ක්‍යූ ටේහ්‍යුන්ග්.. ලොකු උදව්වක් ඔයා කලේ "
" ඕන වෙලාවක..." කියමින් ටේහ්‍යුන්ග් එතනින් යද්දි ජිමින් පොත පෙරලලා බැලුවා.ඒ වෙලාවෙ දේශන ශාලාවෙ හිටියෙ ජිමින් සහ තවත් සිසුන් කිහිපදෙනෙක් විතරයි..
" පාක් ජිමින් කියන්නේ කවුද? " දේශන ශාලාවට ආව ළමයෙක් අහනකොට ජිමින් නැගිට්ටා..
" ඔයාට ප්‍රොෆෙසර් ජියොන්ගෙ ඔෆිස් එකට දැන්ම එන්න කිව්වා "
පණිවිඩය කියලා ඒ සිසුවා යනකොට ජන්ග්කුක් තමන්ට එන්න කිව්වෙ මොන වගේ දෙයකටද කියලා හිතන ගමන් ජිමින් ඒ දිහාවට ගියා..
" ආහ්..මේක ලොක් කරලනෙ..මෙයා කොහෙ ගිහින් ද? " ජන්ග්කුක්ගෙ කාර්යාලය ළගට ආව ජිමින් අගුළු දාලා තිබ්බ දොර ළගට වෙලා කල්පනා කරා..
" ආයිෂ්! ඒ ගමන කවුරුහරි මාව ජෝක් එකට ගත්තද දන්නෑ " ජිමින් මූණ ඇඹුල් කරගෙන ආයෙම එන්න හැරුනා..
" හේයි මේ මොකද මේ..? මොනාද කරන්න හදන්නේ මින්සුක්! " ජිමින් කියටවත් හිතුවෙ නෑ මින්සුක් මෙතන ඉදීවි කියලා.ජිමින්ගෙ අතකින් අල්ලගත්ත මින්සුක් ජිමින්ව කොරිඩෝව කෙලවරේ තිබ්බ මුල්ලට ඇදගෙන ආවෙ ජිමින්ගෙ කෑගැහිලි මැද්දෙ.
ගබඩා කාමරයට යන දොර තිබ්බ එතැන මදක් අඳුරු තැනක්..
" අතාරිනවා මාව! "
" ඕකේ ඕකේ අම් සොරි..මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ ජිමින්... ප්ලීස් ගිව් මී අ චාන්ස්.." මින්සුක් බැගෑපත් වුනා.
" හ්ම්.. මොනාද දැන් ඔයාට කියන්න තියෙන්නේ? "
" මං කලින් කියපු දේවල් අමතක කරන්න ජිමින්..අපි කලින් වගේ ඉමු.. කලින් හැසිරුණ විදිහට මට ඔයාට ෆේස් කරන්නත් ලැජ්ජයි..සෝ පරණ දේවල් අමතක කරන්න ජිමින්.. " මින්සුක් කිව්වෙ ජිමින්ගෙ අත ආයෙමත් අල්ලගෙන..ජිමින් හිමීට තමන්ගෙ අත ගලවගත්තම මින්සුක් බිත්තියට අත තියාගෙන ජිමින්ගෙ මූණට එබුනා..
" ප්ලීස් ජිමින්...මට මං ගැනම තරහයි..ඔයා කලින් වගේ ඉන්න හා කිව්වෙ නැත්තං මං පිස්සෙක් වෙයි ජිමින්"
ජිමින් අත්දෙක බැදගෙන බර හුස්මක් නිදහස් කලා..මින්සුක් නම් ඇත්තටම කරදරයක්? ජිමින් එහෙම හිතුවත් ටිකක් එහාට වෙන්න මේ සිදුවීම දිහා බලාගෙන හිටිය ජන්ග්කුක්ගෙ හිතේ ඇදුනෙ වෙනම දෙයක්!
උබට මාව මදි උනාද ජිමින්?
" උත්තරයක් දෙන්න දැන්ම "
" හ්ම් ඕකේ.. දැන් හරිද.. දැන්වත් මට යන්න දෙන්න " ජිමින් කියද්දි මින්සුක් පිටිපස්සට වුනේ කටපුරා හිනාවෙවී..
ජිමින් පස්ස නොබලා යද්දි මින්සුක් බිත්තියට හේත්තු වෙලා කපටි විදිහට හිනාවුනා.
💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
චැප්ටර්ස් කොට වැඩියි කියලා හිතෙනවා
කතාව දික් වෙයි මෙහෙම ගියොත්
ඒත් දිග ඒවා ලියන්න වෙලාව නෑ 🙂💔
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)