💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
ජන්ග්කුක් උදේම විශ්වවිද්‍යාලයට යන්න පිටත් වුනේ ජිමින් හදපු කෑමවත් කන්නෙ නැතිව.ඊයෙ රෑ එයාලා අතරෙ සිද්ද වුන රණ්ඩුව විසඳුනේ නැතත් ජන්ග්කුක් තල්ලු කරපු නිසා ජිමින්ව වීදුරු මල්පෝච්චියක වැදිලා ඒකත් එක්කම බිම වැටුන නිසා ජන්ග්කුක් තව දුරටත් කෑගන එක අඩු කරගත්තා..
එයා ජිමින්ව කාමරේට අරගෙන ඇවිත් ඇඳ උඩින් තියලා පොරෝනයෙන් වහලා දැම්මෙ මුකුත්ම නොකියා..
ආයෙමත් කාමරෙන් එලියට ගිය ජන්ග්කුක් පැය ගානකට පස්සේ ආපහු එද්දි ජිමින්ට නින්ද ගිහින් තිබුණා..
ඇල්ෆට උදේ වෙනකම් නින්ද අහලකටවත් ඇවිත් තිබුනෙ නෑ..එයා උදේ වෙනකම්ම කලේ කල්පනා කරපු එක.. ජන්ග්කුක්ගෙ හිතට බයයි ජිමින් එයාව දාලා යයි කියලා..මොකද මේ වෙද්දිත් ජන්ග්කුක් පිස්සුවෙන් වගේ එයාගෙ ඔමේගට ඇබ්බැහි වෙලා ඉවරයි..
" මොකෝ ජිමින් කල්පනා කරකර ඉන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් ද? "
කැෆටේරියා එකට ආව ජිමින් බර්ගර් එකක් එක්ක චොක්ලට් මිල්ක්ෂේක් එකක් ඕඩර් කරලා ඒකත් අරගෙන කොනේම තිබුණ මේසෙන් ඇවිත් වාඩිවුණා.. ටිකකින් ටේහ්‍යුන්ග් ජිමින්ව දැකලා එයා ළගට ඇවිත් බලාගෙන හිටියත් ජිමින් හිටියෙ වෙන සිහිනයකින් නිසා එයා ඒ බවක් දැක්කෙ නෑ.
" අහ්..ගුඩ් මෝනින්! " ජිමින් පුංචි හිනවක් එක්කම කිව්වා.
" මං කියපු එකවත් ඇහුනෙ නෑ නේද ඔයාට? "
" මොකක්ද? " ජිමින් නොසන්සුන් විදිහට ඇහුවා..
" ඔයා ප්‍රශ්නෙකින්ද ඉන්නෙ ජිමින්? කතා කරන්න පුලුවන් එකක් නම් අපි කතා කරමු... ඒකෙන් ඔයාගෙ හිත හැදෙයි " ටේහ්‍යුන්ග් සුහදශීලී හිනාවක් එක්ක කිව්වා.ජිමින් ලොකු හුස්මක් අරගෙන ටේහ්‍යුන්ගෙ මූණ දිහා බැලුවා..
" අවුලක් නෑ..මට පුලුවන් ඒක තනියම බලාගන්න..තෑන්ක්ස් ටේ! " හිනාවෙන්න උත්සාහ කරන අතරෙ ජිමින් කිව්වා..
" ෂුවර් ද? " ටේහ්‍යුන්ග් ඇහුවම ජිමින් ඔළුව උඩ පහල යැව්වා..
" එහෙනම් මං යන්නම්.. ඔයා හොඳට කල්පනා කරන්න " ටේහ්‍යුන්ග් එහෙම කියලා යද්දි ජිමින් තමන් එක්කම හිනාවුනා..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)