Chapter 06 | Jealous

1.1K 248 41
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠

ජිමින් පුරුද්දට වගේ ඇහැරෙනකොට උදේ හතත් පහුවෙලා..

" ෂිට්..හොඳටම පරක්කුයිනෙ.." ජිමින් බිත්ති ඔරලෝසුව දිහා බලාගෙන ඇඳ උඩ කෙලින් වුනා..

වටපිට බලනකොට තමන් ඉන්න තැන අමුතුයි කියලා තේරුන නිසා ජිමින් හොඳට වටපිට බැලුවා.ඇල්ෆගෙ ලොකු ෆොටෝ එකක් බිත්තියෙ එල්ලලා තිබුන ඒ කාමරේ විශාල එකක් වුණා.

පාන්දර සිද්ද වුන දේවල් එකින් එක මතකෙට එනකොට ඔමේගාවගෙ කම්මුල් රතු වුනේ තමන් එක්කම හිනාවෙන ගමන්..

" දැන් මං ඇල්ෆගෙම විතරයි " එයා මිමිණුවෙ ඇල්ෆා මාක් කරපු තැන පිරිමදිමින්..

අට වෙනකොට විශ්වවිද්‍යාලයට යන්න වුවමනා නිසාම ජිමින් ඉක්මනින් තමන්ගේ කාමරයට දුවලා ඇවිත් යන්න සූදානම් වුනා..

ඇල්ෆගෙ සලකුණ වැහෙන්න සුදු පාට ටර්ටල් නෙක් ස්වෙටර් එකක්  ඇන්ද ඔමේගා සාලෙට එනකොට උදේ කෑම පිළියෙල කරලා තිබුණා.ඒවා කටට ඔබාගෙන ඉක්මනින් ගෙදරින් එළියට බැස්සෙ බස් එකක් අල්ලගන්න ඕනෙ නිසා..

ජිමින් ගෙදරින් එළියට යනවා බලාගෙන හිටිය ජන්ග්කුක් කාර් එක ගේට්ටුවෙන් එළියට දැම්මෙ පාර දුවන ජිමින්ව අල්ල ගන්න..

පස්සෙන් ඇහෙන හෝන් සද්දෙට දුවන එක නතර කරපු ජිමින් එහෙම්මම පස්ස හැරිලා බලද්දී ජන්ග්කුක් කාර් එක එයා ළගින් නතර කරා.

" නගින්න "

ජන්ග්කුක් වාහනේ ඇතුලෙ ඉදලා කියනකොට ජිමින් මූණ පිරෙන්න හිනාවෙවී වාහනේට නැගගත්තා.

බෑග් එක උකුල උඩින් තියාගත්ත ජිමින් හොරැහින් ඇල්ෆා දිහා බැලුවෙ ඇල්ෆා සුක්කානමට අත තියාගෙන ජිමින් දිහාම බලාගෙන ඉන්න නිසා..

" යන්නැද්ද? " ජිමින් අහනකොට ජන්ග්කුක් එකපාරටම ජිමින්ගෙ මූණට පාත් වුනා.ඔමේගා ඇස් තද කරගත්තෙ තොල් හපාගෙන..

ජිමින්ගෙ සීට් බෙල්ට් දැම්ම ජන්ග්කුක් ඒ විදිහටම ජිමින් දිහා බලාගෙන ඉද්දි ජිමින් හිමීට ඇස් විවර කලා..ඇල්ෆගෙ කළු ඇස් ඔමේගාවගෙ ඇස් වල පැටලෙද්දි එයාලා ගොඩ වෙලාවක් එයාලා දිහාම බලාගෙන ඉන්නැති..

ජිමින්ගෙ ස්වෙටර් එක බෙල්ල ළගින් පාත් කරපු ජන්ග්කුක් බෙල්ලෙ තියෙන රතුපාට සලකුණ ආයෙමත් සිපගනිද්දි ජිමින් ' ස් ' ශබ්දයක් නැගුවා..

ජන්ග්කුක් ඉවත් වෙද්දි ජිමින් එයා දිහා බලාගෙන හිටියෙ හරිම ආදරණීය විදිහට..ඇල්ෆා ඔමේගගෙ ඇස් මගෑරලා පාරට අවධානය දුන්නා..

♡︎♥︎♡︎

විශ්වවිද්‍යාලයට ආව ජන්ග්කුක් ජිමින්ට බහින්න කිව්වා.ජිමින් කාර් එකෙන් බැහැලා යන්න ගියා..

ජන්ග්කුක් තමන්ගෙ බඩුබාහිරාදිය අරගෙන කාර් එකෙන් බැහැලා ඈත යන ජිමින් දිහා බලාගෙන හිටියා.. ජිමින් තවත් තරුණ ඇල්ෆාවො ගොඩක් මැද හිනාවෙවී ඉන්නවා දකිද්දි ජන්ග්කුක්ට තමන්ගේ ඇතුළාන්තය ගිනි ගන්නවා වගේ හැඟීමක් ආවා..

" ආයිෂ්! වැඩිය හිතන්න එපා ජන්ග්කුක්..අපි සෙක්ස් කරා විතරයි.. එතනින් එහාට මුකුත් නෑ..එයා කවුරු එක්ක හිටියත් මට ප්‍රශ්නයක් නෑ..කාම් ඩවුන් ජන්ග්කුක්...!! " ජන්ග්කුක් තමන්ගෙ හිතට දැඩිව අවවාද කරගත්තා..

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now