Chapter 26 | Fear

788 205 18
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠

ටිකකට කලින් වෙච්චි හැමදෙයක්ම ජන්ග්කුක් දැක්කා. ජිමින් මින්සුක්ව බිමට තල්ලු කරලා දාලා බනින හැටිත්,ටේහ්‍යුන්ග් එතනට ආවම අඬ අඬ දුවන හැටිත් ජන්ග්කුක් බලාගෙන හිටියෙ ඇඟේ ලේ රත්වීගෙන එද්දි. ජන්ග්කුක්ගෙ අත ඉබේටම මිට මොලවුනා..කේන්තියට නහර පෑදෙද්දි ජන්ග්කුක් එහෙම්මම ඉස්සරහට ඇවිදගෙන ආවා..

තමන්ගේ මූණට හම්බුන මින්සුක් දිහා කේන්තියෙන් බලපු ජන්ග්කුක් යන්න ගියා.ජන්ග්කුක්ගෙ හැසිරීම වැඩි ගානකට නොගත්ත මින්සුක් බෑග් එකත් එල්ලගෙන ගියේ ජිමින් ගැන කේන්තියෙන්..

පාකින් ලොට් එකට ආව ජන්ග්කුක් එයාගෙ කාර් එකට නැගලා ඉක්මණින් යුනිවර්සිටි එකෙන් එළියට ඇවිත් පාරට වාහනේ දැම්මා..

සුදු පාට ටීෂර්ට් එකක් ඇඳගෙන හිටිය ජිමින් බස්හෝල්ට් එකට යනකම්ම යටිතොල හපාගෙන ගියේ සද්දෙන් පිටවෙන්න දගලන ඉකිය නතර කරගන්න.කේන්තියටයි දුකටයි ජිමින්ගෙ ඇස් කඳුළු වලින් පිරිලම රතු වෙලා තිබ්බා.

කාර් එක ජිමින් ළග නතර කරපු ජන්ග්කුක් ඉක්මනින් කාර් එකෙන් බැහැලා අඩ අඩ යන ජිමින්ව නතර කරගත්තා.ජිමින් අසරණ විදිහට ජන්ග්කුක් දිහා බැලුවා.

ජිමින්ගෙ ඔලුව පිටිපස්සෙන් අතක් යැව්ව ජන්ග්කුක් ජිමින්ව එහෙම්මම පපුවට තද කරගෙන පිට අතගාද්දි ජිමින් කෑගහලා අඩන්න ගත්තා..

" බේබි ෂ්ෂ්... මං ඔයත් එන්න ඉන්නවා..බය වෙන්න එපා ඩාලින් "

" මාව ගෙදර අරන් යන්නකො " ජිමින් කඳුළු පිහදාන ගමන් කිව්වා.ජන්ග්කුක් ජිමින්ව කාර් එක ඇතුලින් වාඩිකරලා කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තෙ ජිමින්ගෙ අතක් අල්ලගෙන පිට අල්ලෙ හාදු තියන අතරෙ..

අනිත් අතින් බෑග් එක මිරිකගත්ත ජිමින් ඇස් පියාගෙන අඬන්න ගත්තෙ තමන් ගැනම කලකිරෙද්දි..මින්සුක් වගේ දුෂ්ට මනුස්සයෙක් තමන්ගේ යාලුවෙක් කරගත්ත එකට එයා ඇත්තටම පසුතැවුනා..

ජිමින් කොහොමද මෙච්චර නොසැලකිලිමත් වුනේ? මින්සුක් නිසා ජිමින්ගෙ හැමදේම උනත් නැතිවෙන්න තිබුණා...

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now