💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
" මොනවාද මේ හදලා තියෙන්නේ! මං මේවා කන්නෑ කියලා දන්නැද්ද තමුන්? ආහ්! " රෑ කෑමට කෑම මේසෙය ආව ජන්ග්කුක් ජිමින්ට කෑගැහුවා.ජිමින් එකපාරටම ගැස්සිලා ගියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව.
" ඒත් ඇල්ෆා... මං මීට කලින් මෂ්රූම් හදපුවම ඇල්ෆා ඒවා කෑවනෙ"
" තමුන්ට අමතකද එදා මට ඇලර්ජි එකක් උනා කියලා..හහ්! කොහෙ මතක තියෙන්නද අහක ඉන්න උන්ගෙන් ඔළුව පුරවගෙන ඉද්දි.."
ජන්ග්කුක් අපහසයට වගේ හිනාවුනාම ජිමින් ජන්ග්කුක්ගෙ මූණ දිහා බලාගෙන හිටියෙ ජන්ග්කුක් කිව්වෙ මොනාද කියලා වටහා ගන්න බැරුව..
" මේක හොදටම සීතලයි..
මේකෙ ලුණු වැඩියි...තමුසෙ මේවා කන්නද මට එන්න කිව්වෙ ආ? " ජන්ග්කුක් පුටුව පස්සට කරගෙනම නැගිට්ටෙ අත මිට මොලවලා මේසෙට ගහන ගමන්..
එකපාරටම වෙච්ච දේ නිසා ජිමින් හොඳටම බය වුනා..
ඊයෙත් හොඳට හිටිය ඇල්ෆට මොකද වුනේ?
ජන්ග්කුක් එතනින් යද්දි ජිමින් කෑම ටික කාලා බැලුවා..
කිසිම කෑමක් නිමිලාවත්, ලුණුවැඩිවත් නෑ..
" මගෙ කටේ ප්‍රශ්නයක් ද? " ජිමින් පුදුමෙන් හිතුවා..
♡︎♥︎♡︎
" ඔයාට වෙන මොනවා හරි හදලා දෙන්නද? " ඇල්ෆා බඩගින්නෙ නිසාම ටිකකින් ජිමින් ජන්ග්කුක්ගෙ කාර්යාල කාමරයට ඇවිත් ඇහුවා..
" ගෙට් අවුට්! " ජන්ග්කුක් සද්දට ගෙරෙව්වා.
" ඒත් ඔයා බඩගින්නෙ නෙ "
" අයි සෙඩ් ගෙට් අවුට් පාක් ජිමින්! මට තමුසෙගෙ කිසි කෑමක් ඕනෙ නෑ! "
ජන්ග්කුක්ගෙ සැර වචන වලට ජිමින්ගෙ හිත හොඳටම රිදුනා.. ජන්ග්කුක් දවසින් දවස කටුස්සෙක් පාට මාරු කරනවා වගේ හැසිරෙන්නේ කොහොමද? ජිමින් හිතුවෙ ජන්ග්කුක් එයාට ආදරේ කරන්න පටන් අරන් කියලයි..ජිමින් මහ ගොඩක් බලාපොරොත්තු මවාගත්තත් රෑයක් ගෙවෙන්නත් කලින්ම ඒවා විනාස වෙලා යද්දි ජිමින්ගෙ ඇස් අගින් උණුසුම් කඳුළු කැට එළියට පැන්නා..
♡︎♥︎♡︎
" යාහ් ජිමින්..
මෙහෙම අඩලා හරියනවද ආ.. ජන්ග්කුක් බයින්න ඇත්තෙ මගෙ මොකක් හරි වරදක් තියෙන නිසානෙ..ආයෙ ඒ වැරැද්ද නොකර ඉදියම හරිනෙ...
ඒත් ඉතිං වැරැද්ද මොකද්ද? " ජිමින් එයාගෙ කාමරේට වෙලා නහය ඉහළට ඇද ඇදම තමන්ට මුමුණගත්තා..
" දැන් සේරම අමතක කරලා පාඩම් කරන්න ජිමින්..සෙමෙස්ටර් එක්සෑම් එක ළග ළගම එනවා.. මෙහෙම අඩලා තාත්තගෙ කම්පැනි එක ආයෙමත් ඩිලවොප් කරන්නේ කොහොමද!! "
💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)