Chapter 34 | Mrs. Jeon's little son and his Omega

635 178 19
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠






" ඔහ් ආන්ටි..කෝ මෙතනින් වාඩිවෙන්න..ඔයා නම් අනේ මන්දා.. කොච්චර කිව්වත් අහන්නෑනෙ වෙලාවට බෙහෙත් බොන්න කියන එක.." යේජි මිසිස් ජියෝන්ව වාරු කරගෙන එයාගෙ රූම් එකට එක්කරන් ආවෙ එයාට ක්ලාන්ත ගතියක් දැනුන නිසා..

" ආ මේක බොන්න.." මිසිස් ජියෝන්ගෙ අතට බෙහෙත් දුන්න යේජි එයාට බොන්න වතුර වීදුරුවත් ළං කලා..

යේජි යන්න හැරුනමයි දැක්කෙ දොර ළග හිටගෙන හිටිය ජිමින්ව..රවාගෙන වගේ ජිමින් දිහා බලාගෙන හිටිය යේජි ජිමින්ගෙ උරහිසේ වැදීගෙනම යන්න ගියා.. කොහොමත් මේ වෙද්දි ජිමින්ට යේජිගෙ රැවුම් ගෙරවිලි හොඳට පුරුදුයි..

" මාම්...ඔයාට කොහොමද දැන්? " මිසිස් ජියෝන් ලගට ආව ජිමින් ඇහුවා.. ඒ වෙද්දි මිසිස් ජියෝන් ජිමින්ට නපුරු වෙන එක නතර කරලයි තිබ්බෙ..එයා ජිමින් එක්ක හිනා වුණා..

" දැන් හොඳයි මට "

" ඔයාගෙ කකුල් දෙක මසාජ් කරන්න ද මං? "

" ඔහ්! කමක් නෑ..."

මිසිස් ජියෝන් ලගින් වාඩිවුන ජිමින් එයාගෙ කකුල් දෙක හිමීට මසාජ් කරන්න ගත්තම මිසිස් ජියෝන්ට සහනයක් දැනෙන්න ගත්තා..එයා ලාවට ඇස් පියාගෙන සනීපෙ විදගත්තා..

" මාම්ට සුප් එකක් හදාගෙන එන්නද? " ටික වෙලාවකට පස්සෙ ජිමින් යෝජනා කළා.

" කරදර වෙන්න එපා දරුවො..ආයෙ උයන්න මහන්සි වෙන්න ඕනෙ නෑ.."

" ඕක මොකක්ද.. ඉන්න මං ඉක්මනින් අරගෙන එන්නම් "

ජිමින් කිචන් එකට ඇවිත් චිකන් සුප් එකකට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික ලෑස්ති කරන්න ගත්තා.. චිකන් ටික හීනියට කපන ගමන් හිටිය ජිමින් ඔළුව උස්සලා බැලුවෙ කිචන් ඒරියා එකට ඇවිදගෙන එන ජන්ග්කුක් දිහා..

අද දවල් දෙන්නා අතර වෙච්චි රණ්ඩුවත් එක්ක තාම එයාලා කතා කරලා තිබ්බෙත් නැති නිසාම එයා තමන්ගේ පාඩුවෙ වැඩේ කරගෙන ගියා.

ජන්ග්කුක් කිචන් කවුන්ටර් එක ළගට ඇවිත් ජිමින් කරන වැඩේ දිහා බලාගෙන ඉන්න විත්තිය ජිමින් ඇස් කොනින් බලාගෙන හිටියා..

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now