💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠" ආන්සර් ද කෝල්... ආයිෂ්! " ඉණට අතකුත් තියාගෙන එහාටයි මෙහාටයි ඇවිදින ගමන් ජිමින් එයාටම මුමුණගත්තෙ පලවෙනි පාර කෝල් එක කට් වුන නිසා.
දෙවෙනි පාරත් ජන්ග්කුක්ට කෝල් කරපු ජිමින් කෝල් එකෙන් ජන්ග්කුක් කතා කරනවත් එක්කම එයාට එයාගේ වචන ගොළු වෙනවා වගේ දැනුනා.. ජිමින් හිටියෙ පුදුම තරම් සතුටකින්..
" ජ්-ජන්ග් කුකී.........." ජිමින් හිමීට කිව්වා..
" ජිමිනි..... මේ ඔයාද? "
හැමෝටම වඩා පුදුම වෙලා හිටියෙ ජන්ග්කුක්. එයාගෙ හදවත ඒ වෙද්දි සතුට වැඩිකමට රෙස් දුවන්න පටන් අරන් තිබ්බා.. දෙයියනේ මාසයකටත් වඩා වැඩි කාලයක් අතුරුදහන් වෙලා හිටිය තමන්ගේ වයිෆ්ව හම්බුනාම මොන හස්බන්ඩ්ටද සතුටු නැත්තෙ?
" මාව බේරගන්නකෝ... ප්ලීස් " පුංචි ඉකි බිඳුමක් එක්ක ජිමින් කිව්වා.
" ඔයා කොහෙද ඉන්නෙ ජිමිනි.. මං දැන්ම එනවා.. "
" මං ඉන්නේ.........ආහ්හ්හ්...!! " ජන්ග්කුක්ට ඇහුනා එයාගෙ ජිමින් හයියෙන් කෑගහන විදිහ..
" ජිමිනාහ්හ්... මොකද උනේ ඔයාට.. කතා කරන්නකො... " ඒත් එක්කම කෝල් එක කට් වෙලා ගියා.. ජන්ග්කුක්ට පිස්සු හැදුන නැති ටික විතරයි ඒ වෙලාවෙ..
ජිමින් කෑගහපු විදිහ කන් ඇතුලෙ දෝංකාර දෙද්දි ජන්ග්කුක් ආයෙමත් ඒ නම්බර් එකට කෝල් කලා..
" The number you dialed currently unavailable. Please try again later.."
" වට් ද ෆක්! ඇයි මේක වැඩ නැත්තෙ? " ජන්ග්කුක් දහ පාරකටත් වඩා කෝල් කලත් කිසිම ප්‍රතිචාරයක් නෑ..
" මං ඔයාව කොහොම හරි හොයාගන්නවා.. මං එනකම් පරිස්සමින් ඉන්න බේබි "
.
.
.වාහනේ අරන් එළියට ගියත් ආයෙමත් විනාඩි කාලක් වගේ පොඩි කාලයක් යද්දි මින්සුක් ආයෙමත් එයා හිටිය ගෙදරට ආවා..
මේන් ඩෝ එක ඇරගෙන ගේ ඇතුලට ආව මින්සුක්ගෙ ඇස් කෙලින්ම ගියේ ටේහ්‍යුන්ග්ව දාලා තිබ්බ කාමරේ දෙර ඇරලා තිබ්බ දිහාවට.
අඩි දෙක තුනට කාමරේ ළගට ගිය මින්සුක් දොර ළග නැවතිලා සවන් දුන්නා..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)