Chapter 30 | New trouble

870 198 33
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠

විවේකිය සති අන්තයක ආරම්භයක්... ජන්ග්කුක්ට දැනුනෙ එහෙම..එයා කිචන් ඒරියා එකට එද්දී දකින්න පුලුවන් උනේ සුදු පාට ටීෂර්ට් එකකුයි රෝස පාට ශෝට් එකකුයි ඇඳගෙන උදේ කෑම පිළියෙල කරන්න මහන්සි වෙන එයාගෙ ජිමින්ව.. ජන්ග්කුක්ගෙ ඇස් වලට ඒක කියලා නිම කරන්න බැරි තරම් ලස්සන දර්ශනයක්..

" ගුඩ් මෝනින් බේබි..ඔයා මොනාද හදන්නේ? " කිචන් එක පුරා එහෙට මෙහෙට දුවන ජිමින් ළගට ආව ජන්ග්කුක් ජිමින්ගෙ හීනි ඉණ වටේ අත් පටලගෙන එයාගෙ උරහිස උඩින් නිකට තියාගත්තා..ජිමින් බෙල්ල ඇල කරලා එයා දිහා උත්තර දෙන්න බැලුවම ජන්ග්කුක් පාත් වෙලා එයාව පෙක් කලා..

" ගුඩ් මෝනින්! මං පෑන්කේක්ස් හදනවා..තව.....ඇවකාඩෝ ටෝස්ට් ඇන්ඩ් සැන්ඩ්විචස්..ඔයාට තව මොනා හරි ඕනෙද ? "

" බනානා මිල්ක්..මයි ෆේවරිට්... යූ නෝ රයිට් බේබි?..." ජිමින්ගෙ උරහිස කිස් කරපු ජන්ග්කුක් ජිමින්ගෙ පස්සට තට්ටුවක් දාගෙනම කිචන් ඒරියා එකෙන් එලියට ගියා..

ටිකකින් ඩෝ බෙල් එක වදිද්දි ජිමින් එයා ඇදගෙන හිටිය ඒප්‍රන් එක ගලවලා දාලා කිචන් එකෙන් එළියට ආවා..

" ඔයා කාටහරි එන්න කිව්වද? " ඩෝ බෙල් එකේ සද්දෙ ඇහිලා සාලෙට ආව ජන්ග්කුක්ගෙන් ජිමින් ඇහුවා..

" නෑ..." ජන්ග්කුක් උරහිස් අකුලලා කිව්වා.

ජිමින් දොර ඇරලා පුදුමෙන් බැලුවෙ දොර ඉස්සරහා හිටගෙන හිටිය ගෑනු දෙන්නා දිහා.. එක්කෙනෙක් තරුණයි.. අනිත් කෙනා මැදිවයසෙ වගේ...

" කවුද ඔයාලා ? " පොඩි හිනාවක් එක්ක ජිමින් ඇහුවා..

මැදි වයසෙ ගෑනු කෙනා එයා එක්ක හිටිය තරුණ ගෑනු කෙනා දිහා බලලා කට ඇද කරන විදිහ ජිමින් හොඳටම දැක්කා..

" කවුද ජිමින් ආවෙ? " ඒ එක්කම ජන්ග්කුක් දොර ළගට ආවා..

" මාම්? " ජන්ග්කුක් පුදුමෙන් කියද්දී ජිමින් ඉක්මනින් ජන්ග්කුක්ගෙ මූණ දිහා බැලුවා..

" මාව දවසම මෙතන තියන්නද යන්නේ ජන්ග්කුක්? " මිසිස් ජියෝන් තදින් ඇහුවා..

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now