Chapter 35 | Unknown Number

550 177 9
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠


සැපට ඇඳේ ගුලිවෙලා හිටිය ජිමින් හිමීට ඇස් ඇරියෙ එලාම් එකේ සද්දෙට.. එයා හිමිට තමන්ගේ බඳ වටේ එතිලා තිබ්බ ජන්ග්කුක්ගෙ අත ඉවත් කරලා දැම්මෙ එයාගෙ නළල සිපගන්න ගමන්මයි..

එයා බිම වැටිලා තිබ්බ එයාගෙ නයිට් ඩ්‍රස් එක අතට අරන් වොෂ් රූම් එකට ගියේ වොෂ් දාගන්න.

වොෂ් කරන් එළියට ආව ජිමින් එයාගෙ ඇඳුමකුත් ඇඳගෙන ෆෝන් එකත් අරන් කිචන් එකට ආවා.. එයා ලෑස්ති වෙන්නෙ බ්‍රෙක්ෆස්ට් හදන්න..

ෆ්‍රිජ් එකෙන් ආමන්ඩ් මිල්ක් බොට්ල් එකක් අරන් ඒක බොන ගමන්ම එයා වට්ස්ඇප් එකට ආවෙ කවුරු හරි මැසේජ් දාලද බලන්න..

නොදන්න නම්බර් එකකින් ආව මැසේජ් එකක්...

ජිමින් ඒක ඕපන් කරලා ඒකෙ තියෙන ෆොටෝ එක ඩවුන්ලෝඩ් කලේ ආමන්ඩ් මිල්ක් බෝතලේ කටේ ගහගෙනමයි..

" WHAT THE HECK!!!??? "

ඩවුන්ලෝඩ් වුන ෆොටෝ එක දැක්ක ගමන්ම ජිමින්ට දැනුනෙ එයාව පණ පිටින් පිච්චිලා යනවා වගේ හැඟීමක්..

" No way! කවුද මේක එව්වෙ මට " ජිමින්ව වෙව්ලලා ගියා..

ඒ ෆොටෝ එකේ තිබ්බෙ ජිමින් ජන්ග්කුක් එක්ක ලයිබ්‍රි එකේ සෙක්ස් කරන ෆොටෝ එකක්.. ඉතිං ජිමින්ව වෙව්ලන එක අහන්නත් දෙයක්ද?

අනික මේක කොයිතරම් බරපතල දෙයක් ද? බැරිවෙලාවත් ජිමින් ඔමේගා කෙනෙක් කියලා දැනටමත් හැමෝම දන්නවා නම් අද තමයි ජිමින්ගෙ අවසාන දවස..

ජිමින්ටයි ජන්ග්කුක්ටයි හිරේ තමයි නවතින්න වෙන්නේ!

" ජ්-ජ් ජන්ග් -කුක් න්-නැ-ගිටින්න..." කාමරේට ආව ජිමින් ජන්ග්කුක්ව නැගිට්ටවන්න හැදුවෙ කරන්න ඕනෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව..එයාව දැනටම පිස්සු වැටිලා..

" ම්ම්හ්..." ජන්ග්කුක් කෙදිරිගෑවා..

" ඇ-ඇල්ෆා දැන්ම නැගිටින්න... " ජිමින් වචන පටල පටල මිමිණුවා.. ජන්ග්කුක් තද නින්දෙ නිසා එයාට ඒක ඇහුනෙවත් නෑ..

" ජන්ග්කුක් අපි ඉවරයි !!!! " ජිමින් ඒ ගමන සද්දෙට කෑගැහුවා..

" ජිමින් මොකද උනේ? " කන්ෆියුස් ලුක් එකකින් ඇස් පිහදාන ගමන්ම ජන්ග්කුක් ඇඳ උඩ වාඩිවුනේ බයවෙලා තමන් දිහා බලාගෙන ඉන්න ජිමින් දිහා බලමින්..

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now