💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
' හැපී නව්? සෝ ගෙට් රෙඩ් ෆො යුවර් ඇබෝෂන් ' තත්පර කිහිපයක් මින්සුක්ගෙ මූණ දිහා බලාගෙන හිටිය ජිමින් එයාගෙ කනට ඇහුනෙ මොකක්ද කියලා හරියටම ප්‍රොසෙස් උනාට පස්සේ මින්සුක්ගෙ ෂර්ට් කොලර්ස් වලින් අල්ලගෙන එයාගෙ මූණට එබුනා.
" මොකක්ද කිව්වෙ "
" ඇයි ඇහුනෙ නැද්ද ස්වීට්හාර්ට්.. ඔයාට ඇහුන එක තමයි මං කිව්වෙ "
මින්සුක් එහෙම කිව්වෙ ජිමින්ගෙ මූණෙ ඉරියව් වෙනස් වෙන විදිහ බලන්න ආසාවෙන් උනත් එකපාරටම ජිමින්ගෙන් ලැබුන කම්මුල් පාරට මින්සුක් අඩියක් පස්සට ගියා..
' හ්ම් නරකම නෑ.. හැබැයි ඔයා මට අත උස්සලා කරගත්තෙ ලොකු වැරැද්දක් බබෝ ' මින්සුක් එහෙම හිතුවෙ ජිමින් ඇස් රතු කරගෙන කේන්තියෙන් තමන් දිහා බලාගෙන ඉන්න විදිහ බලාගෙන..
" මාසයක් තිස්සේ මාව හිර කරගෙන වද දුන්නා මදිවට ද මගේ ළමයවත් මරන්න හදන්නෙ.. තමුසෙට කවදද ඇති වෙන්නේ මේ වැඩේ....මීට වඩා හොඳයි මාව මරලා දැම්මා නම් " ඇස් වලින් එකදිගටම ගලන කදුළු එක්ක ජිමින් කිව්වා..
තවදුරටත් මේ හිරිහැර ඉවසගෙන ඉන්න තරම් ජිමින්ට ශක්තියක් තිබ්බෙ නෑ.. මානසිකව වගේම ශාරීරිකවත් එයා හිටියෙ ගොඩක් දුර්වල වෙලා..
මේ හැමදේම එක නපුරු හීනයක් කියලා හිතන්න ඕනෙ උනත්, ජිමින්ගෙ ඇස් පියවෙන හැම වෙලාවෙම එයා එහෙම හිතුවත්, යථාර්ථයෙන් පැනලා යන්න බැරිබව එයා දැනගෙන හිටියා..
තමන්ගෙ කුසේ ඉන්න දරුවත් එක්ක ජිමින්ට දෙන්නෙක්ගෙ ජීවිත රැක ගන්න වෙලා.. දහස් වාරයක් එයාට හිතෙන්න ඇති සියදිවි හානි කරගන්න..
ඒත් එයා ඉවසුවා... ඒ එයාගෙ පැටියා වෙනුවෙන්.. ජන්ග්කුක් තමන්ව මෙතනින් ගලව ගනීවි කියන බලාපොරොත්තුවත් එක්ක එයා ඒ අපායෙ ජීවත් වුනා.
" මගේ දරුවා... මං එයාට අතක් තියන්න තමුසෙට කීයටවත් ඉඩ තියන්නෑ "
" ඔහ් කාම් ඩවුන් බේබි... ඔහොම තරහා ගන්න එක මේ අවජාතකයටත් හොඳ නෑ... " ඒ කතාවත් එක්ක බෙල්ල ඇල කරලා මින්සුක් දිහා බැලුව ජිමින් ආයෙම සැරයක් මින්සුක්ට කම්මුල් පාරක් දුන්නා..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)