මද දුරක් වාහනය පදවාගෙන ගිය භූමි රථය පසෙකට කර නවත්වා ස්ටියරින් වීල් එකට ඔලුව ගසා ගත්තේය." අම්මේ...බඩගිනි..." ඔහු සෙමින් මිමිණුවේය.
කොපුල් දිගේ ගලන කදුළැලි වලට ඔහේ ගලා යන්නට ඉඩදුන් භූමි විනාඩි පහක් පමණ ස්ටියරින් වීල් එකේ ඔලුව ගසාගෙන උන්නේය.එය ඔහුට අලුත් දෙයක් නොවීය.අවුරුදු 21 පටන් ඔහු මෙලෙසය.වෙනසකට දැන් එකතු වී ඇත්තේ අඩන්නට තව කරුණු කිහිපයක් එකතු වි තිබීම හා එම කරුණු අනෙක්වාට වඩා බොහෝ බර ලෙස ඔහුට දැනීමය.
කදුළු පිසදා ගත් ඔහු දුරකථනය අතට ගත්තේය.
[Senu]
ඔහු එලෙස save කර තිබූ නම්බරය දෙස බොහෝ වේලාවක් බලාසිටියේය.ඇමතුමක් ගන්නට සිතුවත් ඔහු තම සිත පාලනය කර ගත්තේය.කඳුළු පිසදා ගත් ඔහු නැවත රිය ධාවනය කරන්නට විය.
කම්පැණි එක ඉදිරියේ නවතා තිබූ වාහන තොගයත් හමුදා නිළඳාරීනුත් දුටු භූමි සුසුමක් හෙලුවේ ඇතුලේ ඔහු එනතෙක් අප්පච්චි බලා සිටින බැව් වැටහීමෙනි.
" Good morning sir..boss ඇවිත්..."
" ඒක මං දන්නවා මිනිහෝ...එළියේ අරහෙම සංදර්ශන තියෙන්නේ ඒකනේ..සේනාශ් ඔෆිස් ගියාද කියලා බලන්න.."
" Ok sir..."
" අහ්..භූමී...."
" අප්පච්චි ඇයි ආවේ..?" සිය පුටුවේ අසුන්ගෙන උන් මේ බඩතඩි මිනිසාගෙන් භූමි ඇසුවේ ඔහු දෙසවත් නොබලාය.
" ඊයේ හොඳට ඔයා ඔයාගෙ වැඩේ කලා.."
යීබෝ දෙතොල් සපාගෙන අහක බලා ගත්තේය.දෑළබණ්ඩාර අගමැති තුමා මේ පවසන්නේ ඊයේ රාත්‍රියේ ඔහු සේනාශ්ගේ ඊමේල් ගිණුමට ඇතුළු වි වෙනස් කල දූෂණ සිදුවීමේ මරණ වාර්ථාවේ අමුණා තිබූ සාක්ෂි පිළිබඳවය.
" ඒ වැඩේ ඉවරයි...ආයේ එයාගේ වැඩ වලට මාව ඉත්තෙක් කර ගන්න එපා..."
" උඹව නැතිව කාව කරගන්නද..?මං උඹව ඌට බැන්දුවේ ඒකට මිසක් ඌ එක්ක හැමිනෙන්න නෙවෙයි..තෝ පොන්නයෙක් වගේ පොලිස් බල්ලෙක්ට පුක දුන්නා..මගේ පුතෙක් කියන්නත් ලැජ්ජයි..."
" අප්පච්චි...මොනා උනත් ඒ මගේ කසාඳ මිනිහා..මගේ නීත්‍යානුකූල අයිතිකාරයා..මට මීට වඩා දේවල් කරන්න බෑ..."
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...