සේනාශ් හවස් වන විට මාළිගාව වෙත ලං වූ අතර රාජකීයත්වය කැමරා ඉදිරියේ අමතක කර රැජින අසු පිටින් බට සිය වැඩිමහල් පුතුව වැළඳ ගත්තේය.
"ඔයා ආවා එහෙනම්..."ඈ කීවේ සේනාශ්ව අතොරක් නැතිව සිප ගනිමිනි.
"ඔයා තවත් ලස්සන වෙලා කෙල්ලේ..."සේනාශ් සිය මවගේ කනට කෙදිරුවේය.
"ඒයි...මාවත් බදා ගන්නවකෝ..."
ඒ සේනාශ්ගේ බාලම හා එකම නැගණිය බේලා විය.
"බෝනික්කී.."සේනාශ්ගේ කරෙහි එල්ලුන බේලාගේ හිස අතගෑ ඔහු මිමිණුවේය.
"කෝ ඔයා ඔයාගේ ආදරණීය බෝම්බෙව එක්කන් ආවේ නැද්ද..?" ඈ සේනාශ්ගේ කනට කොදුරමින් ඇසුවේය.
"ආරක්ෂක හේතූන් මත තියලා ආවා.."සේනාශ්ද සෙමින් මිමිණුවේය.
.
.
භූමි උන්නේ ඔෆිස් කාමරයේය.නිමන්ත ගෙනත් දුන් පොප්කෝන් බකට් එකත් බදාගෙන භූමි විශාල පුළුල් තිරයක නෙදර්ලන්ත youtube නාලිකාවක දර්ශණයක් නරඹමින් උන්නේය."එයා මාර handsome නේ නිමන්ත..?"
"ඔව් බොස්..."
" නෙදර්ලන්තේ රජතුමා එක්ක මං එකට බුදිය ගත්තා කියලා මතක් වෙද්දී අමුතු ගැම්මක් එනවා නේ ඕයි..ඔයාට කියන්න නිමන්ත මුන් මේ එයාව බලන්න පොරකෑවට real වාසනාවන්තයා මමනේ ඕයි..එයාගේ ඇගේ නූල් පොටක් නැතිව මං දැකලා තියෙනවනේ..ඒ විතරක් ඇයි...එයාගේ ඒක...."
"අයියෝ ඇති සර්..ඕක අහලම මට දැන් කම්මැලි..ඊකේ සර්...අනික ඔය වගේ කතා පිට මිනිස්සු එක්ක විලිසංගයක් නැතිව කියන්න එපා අප්පා..."
භූමි එක දිගට සති දෙකක් සැරින් සැරේ සේනාශ් නෙදර්ලන්තයට සම්ප්‍රාප්ත වූ අයුරු දැක්වෙන,ඔහු මාධ්‍ය සාකච්ඡා පවත් වන අයුරු දැක්වෙන වීඩියෝ නරඹයි..ඉන් නතර වෙන්නේද නැත ලැජ්ජා නහරයක් නැතිව ඉපදුනා මෙන් කට කැඩිච්ච කතා කියයි..භූමි දිනක් නිමන්ත හට සේනාශ්ගේ dick එකේ size එකද අතෙන් පෙන්වූවේය.
නිමන්ත නම් වූවේ භූමිගේ මේ ක්‍රියාකලාපයෙන් පීඩා විදිමිනි.භූමි වැඩක් කරන්නේ නැති තරම් ය.ඔහු විනාඩි පහෙන් පහා මොනවා හෝ කන්නේය..කාලා බුදියන්නේය..ඇහැරන් ඉන්න වේලාවේ නෙදර්ලන්ත ටිවි චැනල් මාරුවෙන් මාරුවට බලන්නේය.අර ඉන්නේ මගේ සේනාශ් යැයි කියමින් සේනාශ්ව පෙන්වමින් ආඩම්බරයෙන් සිනහා වෙන්නේය.භූමිගේ නිවී ගිය දෑස් දිලිසෙන්නේ එවිටය.ඉතින් මේ සියළු වද ඉවසන්නේ නිමන්තය.
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...