" බබා...මේ තුවාලේ මොකක්ද...?"
සේනාශ් ඇසුවේ භූමිගේ කමිස අත උඩට ගොස් උරහිසට මදක් පහලින් තිබෙන ප්ලාස්ටර් එක දැකය.
" අහ්...අපි රත්නපුරේ තැන ඉද්දි උන් එනකල්ම අපි දන්නේ නෑනේ..මං නිද්දේ ඉද්දී...." භූමි කියන්නට ගිය දේ නවතා වම් අතින් දකුණතේ ඇඟිලි මිරිකන්න ගත්තේ සේනාශ්ට කියාගත නොහැකිව නැවතුන දේ ගැන පසුතැවීමෙනි.
"භූමි..."
"නෑ මහත්තයා..හිතන්න තරම් දෙයක් නෑ..."
"මං ඇහුවේ මොකක්ද උනේ කියලා භූමි..හිතන නොහිතන එක මං කරන්නම්..මොකක්ද උනේ කියන්න..." සේනාශ් කීවේ මදක් දැඩි හඩිනි.
"හරී ඉතින්...මේ...ඌ...ඌ කිව්වේ ජනාධිපතියාගේ පුතා..ඌ මං නිදාගෙන හිටි කාමරේට ඇවිත් ඇදට නැගලා මාව...රේ...රේ...කේන්ති ගන්න එපා සේනාශ්...රේ..රේප් කරන්න ගියා..මං පිහිය ළඟ තියන් නිදා ගන්නේ..ඒකෙන් ඌට අනින්න පොර බඳලා අන්තිමට උගේ පිහිපාරක් වැදුණා..රෝගර් තමා අන්තිමට මාව බේර ගත්තේ..."භූමි කීවේ පිටුපස අසුනේ සීරුවෙන් ඉදගෙන සිටින රෝගර් දෙස බලමිනි.
සේනාශ් අතින් නැවත වතාවක් කාරයේ බ්‍රේක් තද උනේ ඔහුටත් නොදැනීමය.ඔහුගේ දෑත් කෝපයෙන් වෙව්ලද්දී භූමිගේ දෑස් වලට කඳුළු නැගුණේ බයටමය.
"මහ...."
"මට මේකට විතරක් උත්තර දීපං භූමි...මං ඌව මරනවා..මං ඌව උඹ ඉස්සරහා මරනවා...මට අවසර ගන්න ඕනි එක දේකට විතරයි..මං උඹේ අප්පච්චි මැරුවොත් උඹ මා එක්ක තරහා වෙනවද..?"
භූමි නෑ කියන්නට මෙන් හිස සෙලවූවේය.
"කට තියෙන්නේ කතා කරන්න භූමි..කියපං මරන්නද එපාද..?"
"එ..එ..එපා...මහත්තයා..."
"ඇයි එපා කියන්නේ භූමි...ඌ උඹට මෙච්චර දේ කරලත් ඇයි...?"
"ඉපැද්දුව නිසා සේනාශ්..."
"උඹට ඒක මතක තිබ්බාට ඌට ඒක මතක නෑ භූමි..."
"කමක් නෑ මට මතකයිනේ...අපි ඈතට යමු මහත්තයා..මෙයාලගෙන් ඈත් වෙලා ජීවත් වෙමු...ඔයා මිනීමරුවෙක් වෙන්න එපා.."
"අනේ නිකන් හිටපං භූමි...බණ දෙසන්න එන්න එපා මට..මං උඹව එක්ක යන නිසා අගමැති පුතු පට්ටම ඕනි නෑ..කොහොමත් මං අද පාන්දර යන්නේ දෑළබණ්ඩාර කියන නම ලංකාවෙන් අතුගාලම දාලා.."
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...