" මල්ලිකා ඇන්ටි මොකද මේ දොර පාමුල." භූමිව ඔසවාගෙන කාමරයෙන් පිටතට පැමිණි සේනාශ් ඇසුවේ දොර අසලම ඇණ තියාගෙන උන් මල්ලිකාගෙනි.
" මොන අපරාධයක්ද ලොකු මහත්තයෝ මේ කලේ..." මල්ලිකා ඇසුවේ උඩුකොටස සේනාශ්ගේ ශර්ට් එකකින් වැසී ගියත් නිරුවත්ව වූ කකුල් වල සටහන්ව තිබූ බෙල්ට් පාරවල් දැකය.
" මං හොදින් මල්ලිකා..ඒක පොඩි දෙයක්..ඔයා අද රෑට මෙහේ ඉන්න..රෑ ගෙදරින් එළියට නොබැස.." සේනාශ්ගේ උරහිසෙන් හිස එසවූ භූමි කීවේ මද සිනහවකිනි.
මල්ලිකා දෙසවත් නොබැලූ සේනාශ් භූමිව ඔසවාගෙන ආ සේනාශ් ඔහුව නානකාමරයේ bathtub එකෙන් තැබුවේය.
" මං wash කරන්න ඕනිද?"
" එපා..මට තනියෙන් මගේ ඒවා කර ගන්න පුළුවන්..එළියට යන්න..."
" ඔයා ඉතින් ඔතනින් wash දාගන්න..මං shower එක use කරන්නම්..."
" හූම්..."
සේනාශ් පිරිසිදු වී පැමිණීමට පෙර නාන කාමරයෙන් පිට වූ භූමි ටී ෂර්ට් එකක් පමණක් ඇද ඇදෙහි ඇල වූවේ මුළු සිරුරම ගිණිගෙන දැවෙද්දීය.ඔහුට ඔහුගේ යටිකයෙන් නැගෙන වේදනාව එන්න එන්නම වැඩි වෙද්දි ඔහු දෙතොල් සපාගෙන දරා ගත්තේය.නමුත් කැක්කුම වැඩි වෙනවා මිස අඩු වීමක් නොවිය.පිච්චුන ඒවාගේ වේදනාව දැනෙන්නේ දැන් දැන් ය.දරා ගැනීමට බැරිම තැන ඔහු කොට්ට දෙකක්ම ගෙන කකුලතර ගසා ගත්තද ඵලක් නොවීය.
නාගෙන පැමිණි සේනාශ් තුවාය පිටින්ම භූමි වෙත ආවේ කබඩ් එකෙන් ගත් පෙට්ටියක් අතින් ගෙනය.
" කකුල් ඈත් කරන්න..." සේනාශ් කීවේ ඇදෙහි භූමිගේ කකුල් අසළින් දණ ගසා ගනිමිනි.
" අනේ අද බෑ යකෝ...අද නම් බෑමයි..."
" කකුල් ඈත් කරපං බං කෝලම් නැතුව..."
" මං දැන් එක සැරයක් තොට කිව්වානේ බෑ කියලා.." භූමි කීවේ සේනාශ්ගේ පපුවට පයින් පාරක් ගසමිනි.සේනාශ් එසැනින් ඔහුගේ පපුවේ රැදුණු භූමිගේ කකුල වළලුකරෙන් අල්ලා ගත්තේය.
" මොකක්ද දැන් අද තොට බැරි...?"
" අනේ සේනාශ්..උඹ දැන් ඔය මට කරන්නනේ යන්නේ..මට රිදෙනවා ඕයි..මට මේ මෙහෙමවත් ඉන්න බැරිව ඉන්නේ..මෙහෙම තියා කොහොමවත් බෑ මට..මට මැරෙන්න තරම් රිදෙනවා..තෝම ඒක පුච්චලා මදිවට දාලා කරන්නත් එනවද..?තොට හිතක් පපුවක් නැද්ද තිරිසනෝ...ඇයි දෙයියනේ මම මනුස්සයෙක් නේ..." අවසාන ටික භූමි කීවේ ඔහුගේ දෙනෙතට කදුළු පිරෙද්දීය.
YOU ARE READING
රජෙකුගේ ප්රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...