Chapter 16

4K 553 122
                                    

සේනාශ් සද්ද නැතිව ආහාර ගන්නා දෙස භූමි බලාන උන්නේ ඔරවාගෙනය.

" හැටි විතරක් මූකලන් බස්සා..හොඳයි කියලවත් කියන්න බැරිද මූසලයාට..ගිලිනවා හත් අවුරුද්දකින් බඩගින්නේ ඉදලා වගේ " භූමි හිතින් සේනාශ්ට දෙහි කැපුවේ නියපොතු හපමිනි.

" මෙහේ දීපිය ඕක..." සේනාශ්ගේ අතෙහි තිබූ බත් පිඟානය උදුරා ගත් භූමි සේනාශ් දෙස බැලුවේ කෝපයෙනි.

" මොකද යකෝ...මගේ බත් එක දීපිය..තෝ කෑවනේ.."

" බෑහ්..දෙන්නේ නෑ පුස් ඌරා වගේ ගිලිනවා..දෙවෙනි වටේ නේද ඔය යන්නේ..?"

" ඉතින් බං..උයලා තියෙන්නේ කන්නනේ..කන්නවත් දීපියකෝ..ඒකටත් කෙනෙහිලිකම් කරන්නේ..."

" ඉව්වේ කව්ද..?"

" තමුසෙනේ..."

" උයලා තියෙන්නේ මොනාද..?"

" අනේ යකෝ..මේක උසාවිය වගේනේ..ප්‍රශ්න කරන්නේ..උයපු උඹ මට වඩා හොඳට උයපුවා දන්නවනේ.."

" මේ රයිස් කුකර් එකේ අන්තිම බත් ටික නේද?උත්තර දීපිය..හලනවා නැත්නම් බිම..." භූමි කීවේ බත් පිඟාන හිසට උඩින් ඔසවා අල්ලා ගනිමිනි.

" භූමි තිරිසනෙකුට උනත් කද්දි කරදර කරන්නේ නෑ ඒක පවක්..."

" හරි ඉතින් උත්තර දෙන්නකෝ අනේ..." මෙතෙක් වේලා බෙරිහන් දුන් භූමි අහින්සක ලෙස කීවේය.

" හලන්න බැරි නම් බිම දාගෙන කාපං..මට ඕනි නෑ.." ටිපෝ එකටත් පයින් ගසාගෙන සේනාශ් නැගිටිද්දී භූමි ගැස්සි ගිය අතර ඒ සමගම උඩට කර අල්ලන් උන්නු පිඟාන ඔහු අතින් ගිලිහි ගොස් බිම වැටුනේ පිඟාන කැබලි වලට කුඩු වෙද්දීය.

" අනේහ්...සේනුහ්..."

" මොකද දැන් බෙරිහන් දෙන්නේ..ඕකනේ ඕනි උනේ..දැන් හරිනේ..තොටත් නෑ මටත් නෑ.."

" ඉතින් මට ඕනි උනේ රසද කියලා අහා ගන්නනේ..ඒක කියන්න බැරිද බත් කටක් කාලා..ඔයා නිකන් කේන්ති අරන් දැක්කනේ උන වැඩේ..."

" රසයි කියලා වචනෙන් කියන්න ඕනිද භූමි..මං රස නැත්නම් ඔහොම කන්නේ නෑනේ..."

" හරි ඉතින්...සොරි අප්පාහ්...ඔයාට ඕනි නම් මං දැන් ආයේ උයලා දෙන්නම්..."

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now