Chapter 15

3.9K 530 100
                                    

තේ එකක් හදාගෙන ආව භූමි ඒක මේසේ උඩින් තිබ්බේ නාලා ආව සේනාශ් ඇදුම් මාරු කර ගනිද්දීය.

" අහ්..මෙන්න මේක අත්සන් කරනවා.." භූමි කීවේ භූමිගේ අත් අකුරින් ලියූ කොළයක් සේනාශ් ඉදිරියේ තබමිනි.

" ඒ පාර මොකක්ද..?" සේනාශ් කොළය රැගෙන කියවූ අතර ඒ වෙනස්වෙන මූණේ ඉරියව් දෙස භූමි බලා උන්නේ සිනහව මැඩගෙනය.

"සේනාශ් නෙතූක ඩි සිල්වා වන මම භූමි ආරධ්‍ය දෑළබණ්ඩාරගේ නිත්‍යානුකූල සැමියා වන අතර ඔහු ඉදිරිපත් කල ඉදිරි සතිදෙක තුළ(2022-12-26 සිට 2023-1-8 දක්වා කාලය) කිසිදු ලිංගික එකතු වීමක් සිදු නොකිරිය යුතුයි යන යෝජනාවට මෙයින් එකඟ වන අතර එම කාලය තුළ මා අතින් එම යෝජනාවට පටහැනි දෙයක් සිදු වුවහොත් ඉන්පසුව මා bottom වන බවද මෙයින් පොරොන්දු දිවුරා පොරොන්දු වෙමි.."

" අත්සන් කරන්න.."

" උගේ අප්පාගේ ගිවිසුම් යකෝ මේවා...බබා..ඒ භූමි..මේක අසාධාරණයි ඕයි..ඊළඟ අවුරුද්දටත් ගිහින්නේ අයියෝ..මේ අහනවකෝ භූමි 31 night එක විතරක් මට දෙනවකෝ..හාද..හාද..එදාට අපි දෙන්නා පොඩි..හුම්...හුම් නේ..හුම් නේද භූමි.." සේනාශ් භූමි වෙත පහත් වී ඔහුගේ හිසට තට්ටු කරමින් ඇසුවේය.

" සේනාශ් භූමි වෙත පහත් වී ඔහුගේ හිසට තට්ටු කරමින් ඇසුවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හ්ම්.."

" එක add කරන්න..අනිත් දේ මගේ යෝජනාව තමයි ඊට පස්සේ සති දෙකක් තමුසේ මං කියන කියන වෙලාවට මට ඕනි ඕනි විදිහට ඉන්න ඕනි..මට 31st night දුන්නා වගේ මමත් තමුසෙට එක රැයක් නිදහස දෙන්නම්..."

" බැහැ...බැහැ..බැහෑ.."

" එහෙනම් අත්සන් කරන්නේ නෑ..."

" හුහ්...තොට හෙන ගහපං මූසල සැමියා..." භූමි අඩිය පොළොවේ ගසමින් කෑ ගැසුවේ කෝපයෙනි.

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now