Chapter 6

4.2K 567 124
                                    

උදෑසන වැටුණු අයිස් තොගය නිසා තවමත් ඉනෙන් පහළ හිරි වැටී තිබියදි සේනාශ් ඔෆිස් එකට ගියේ භූමිගේ මිය ගිය ආච්චි අම්මා පවා සිහිකරමිනි.

" එන්න කියනවා...ඊයේ රෑ ගාලූ පාරේ ට්‍රැෆික් පොලිස් හිටි සේරටම..මේ දැන්ම මගේ ඔෆිස් එකට..."

" සර් night duty කරා නම් මේ shift එක එයාලා rest කරන..."

" මං කියපු දේ කරන්න චන්ද්‍රසිරි...." සේනාශ් කීවේ නිවුණු හඩින් වූවත් දැඩිවය.

පැය භාගයක් ගත වෙන්නත් පෙර ට්‍රැෆික් පොලිස් නිළඳාරින් සේනාශ්ගේ කාමරය තුළ සීරුවෙන් සිටගෙනය.

" fast and furious tv series එකේ එක එපියක් ඊයේ රෑ live විකාශය උනා තමුන්ලා දැක්කද..?"

නිළඳාරින් එකිනෙකා මුහුණින් මුහුණ බලා ගත්තේය.

" දැක්කේ නැද්ද..?ඉන්න මං පෙන්නම්..."

සේනාශ් තමා පිටුපස සවි කර තිබූ පුළුල් තිරය සැමට පැහැදිලිව පෙනෙන සේ පසෙකට විය.

එහි වූවේ තම නිළ රථය හා භූමිගේ කාරය අධික වේගයෙන් රිය ධාවනය කරන cctv camera දර්ශණයි...

" මෙතන ඉන්න සේරමත් ඒ එපිසෝඩ් එකේ රඟපාලානේ..හොඳයි දැන් කියමුකෝ බලන්න මෙතන මාර්ග නීතී කීයක් කඩ උනාද කියලා..."

නිළදාරින් සියළු දෙනා නිහඩව බිම බලා ගත්තේය.

" ඔලුව කෙලින් කරගෙන මා දිහා බලපං යකුනේ...තොපි පොලිස් නිළඳාරින්ද..?තොපිට මං ඉස්සරහා ඔලුව කෙලින් තියන් කතා කරන්න බැරිද..?ආහ් යකෝ...බිම බලන් පොන්න පක්කු වගේ හැමනෙන්නේ..." සේනාශ් කෑ ගැසුවේ මේසයටත් පහරක් ගසමිනි.

" අධික වේගයෙන් රිය ධාවනය,අනතුරු දායක රිය දාවනය,සියළු මාර්ග නීති කඩ කිරීම...හරියට බලපං බම්බලපිටියේ ඉදන් නුගේගොඩට යනකල් එක ට්‍රැෆික් ලයිට් එකක නැවැත්තුවේ නෑ...එක කහා ඉරක නැවැත්තුවේ නෑ..සුදු ඉරි,තනි ඉරි,කඩ ඉරි,ඩබල් ඉරි...කිසිම දෙයක් තැකුවේ නෑ...මේ දේවල් තොපේ ඇස් ඉස්සරහා වෙනකල් තොපි ළඟ හිටපු එකා එක්ක හැමනුනාද බොලව්..."

" සොරි සර්..."

" සොරි...සොරි තමා...මිනිස්සු දාහක් එහේ මෙහේ යන පාරේ...මට කියපව් ඇයි එකෙක්ට කොන්දක් නැති වුණේ.."

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now