වාහනය පාරට දාපු භූමි කෙලින්ම ගියේ අගමැති දෑළබණ්ඩාරගේ නිවසටය.භූමිගේ කාරය අදුනා ගත් පොලිස් ආරක්ෂකයින් දෙදෙනා ඔහුට සැලියුට් කලේය.භූම්ට සේනාශ්ව මතක් විය.මොවුන් තමාට සැලියුට් කරනවා දුටුවහොත් සේනාශ් අනිවාර්යයෙන්ම පරල වන්නේය.භූමිගේ මුවට සිහින් සිනහවක් නැඟුවේ සේනාශ්ගේ වචන තොගය මතක් වීය.
" කට ඇරියොත් කුණුහරප හැට හැත්තෑවක් එළියේ..."
කාරයෙන් බැස ගත් භූමි ගෙට අඩියක් තියෙනවාත් සමගම දෑළබණ්ඩාරගේ පෞද්ගලික ආරක්ෂකයෙක් ඔහු ඉදිරියට ආවේය.
" මොකද..?"
" බේබි මෙහේ ආවේ..?"
" මගේ ගෙදරට එන්න මං තමුසෙගෙන් අවසර අරන් හේතු කියන්න ඕනිද ඕයි...අහකට පලයං..."
" බේබි අගමැතිතුමා තමයි කිව්වේ..."
" තෝ කවුද යකෝ මගේ පාර හරස් කරලා මට නීතී දාන්න එන්න...ගහනවා තොගේ බෙල්ල ගැලවෙන්න..."
" බේබී මේ..."
ඔහුට තවත් යමක් කීමට නොහැකි වූවේ භූමි අතමිටි මොළවා මූණට ගහපු පාරක් නිසාය.
එකක් දෙකක් තුනක්...භූමි ඔහුගේ සම්පූර්ණ ස්ට්‍රෙස් එක එම පුද්ගලයා මත මුදා හැරියේය.බිම ඇදගෙන වැටුණු මිනිසාගේ යටිබඩටද පහරක් එල්ල කර භූමි උඩ තට්ටුවේ සිට මේ දෙස බලා උන් තම පියා දෙස බලා පඩිපෙළ නැගගෙන උඩ තට්ටුව වෙත ආවේය." තෝ මගේ ගේ ඇතුලේ කාගේ හයියකින්ද බොළ...මගේ එකෙකුට ගන්නේ.."
" අම්මා කෝ..." දෑළබණ්ඩාර කී දේ ගාණකටවත් නොගත් භූමි පෙරලා ඔහුගෙන් ප්‍රශ්න කලේය.
" තොට අම්මා මොකටද..?කිරි බොන්නද නැත්තම්..ගෑණියෙක් වගේ කෑ ගහන විදිහ අම්මාගෙන් අහාගන්නද..?"
" අම්මේ........." නැවත වතාවක් සිය පියාව නොසලකා හැරි භූම් පඩිපෙළ මත සිටම අම්මාට කතා කලේය.
"මගේ රන්කඳ ආවද කස්තුවේ..." තුන් වෙනි තට්ටුවේ වූ කාමරයකින් එළියට ආ දෑළබණ්ඩාර මැතිනිය භූමි දෙස බැලුවේ ඇස් වල කඳුළු පුරවාගෙනය.
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...