Chapter 43

3.4K 489 54
                                    

භූමි උන්නේ නානකාමරයේ කැඩපතින් පෙනෙන තම රුව දෙස බලමින් ආඩම්බරයෙන් සිනාසෙමිනි .ඔහුගෙ පපුවෙහි,ගෙළෙහි හා කාලවා වල සේනාශ්ගේ දත් පාරවල් හිට ඇත.

"පිස්සු රජා මගේ.." භූමි මිමිණූවේ පපුවේ තිබූ එක් රතු පැහැ පැල්ලමක් අතගාමිනි.

ඔහු කැඩපතින් තම කුසෙහි දකුණු පස කෙලවරට වෙන්නට ටෙනිස් බෝලයක් සයිස් එකට නෙරා ඇවිත් ඇති බව දුටුවේය.

"ඒ මොකක්ද ඒ...?"

"ඒ බබාද..?"

"බබා ඉන්නේ එතනද..?"

භූමි සෙමින් ඇඟිල්ලෙන් එයට දෙතුන් වතාවක්ම ඇන බැලුවේය.

"හලෝ බබා...ඔයා ඔතනද..?ඔයාට මාව ඇහෙනවද..?මම ඔයාගේ අම්මා බබෝ...ඔයා ඔතනද ඉන්නේ..?" භූමි ඔළුව එ දෙසට නමාගෙන ඇගිල්ලෙන් අනිමින් කතා කලේය.

"ඇඟිල්ලෙන් අනින්න එපා හරකෝ..එයාට රිදෙයි.." භූමිගේ මොළය භූමිට කෑ ගැසුවේය.

"ඔයාට රිදුනාද..?සමාවෙන්න බබෝ හොදේ..." භූමි නැවත බබාට කතා කලේ baby bump එක සියුම්ව පිරිමදිමිනි.

"සේනූවෝ...සේනූවෝ...බබා...බබා...අපේ බබා..." එක්වරම එය සේනාශ්ට පෙන්වන්නට අවැසි බව මතක් උන භූමි නිරුවතින්ම කාමරයට දිව ගියේය.

"මොකද මේ...?" ලැප් එකට එබීගෙන උන් සේනාශ් ඇසුවේ පුදුමයෙන් දෑස් ලොකු කරගෙනය.

"මේ මෙතන තමා අපේ බබා ඉන්නේ..මේ එතන ලොකු වෙලා..."

සේනාශ්ගේ මුහුණේ ආදරණීය සිනහවක් නැගුණේ භූමිගේ කුසෙහි වූ බේබි බම්ප් එක දැකය.

සේනාශ් එය අල්ලන්නට අත දිගු කරත් භූමි ඔහුගේ අතට පාරක් ගැසුවේ සේනාශ් ප්‍රශ්නකාරීව භූමි දෙස බලද්දීය.

"ඇඟිල්ලෙන් අනින්න තද කරන්න එපා හරිද..?එයාට රිදෙයි..."

"අව්..මේ මොකද...?" ලැප් එක පසෙකින් තිබූ සේනාශ් භූමිව තම උකුලට ගත්තේ දෑසේ කදුළු පිරෙද්දීය.දරුවන් එපා කියූ භූමි තමන්ටද baby bump එක අල්ලන්නට නොදි පරිස්සම් කරද්දි සේනාශ්ට භූමි ගැන දැනුනේ ආදරය පිරී ඉතිරි යන හැඟීමකි.සේනාශ් භූමිගේ මුහුණ ආදරයෙන් සිප ගත්තේය.

"ඔයා හොඳ මමා කෙනෙක් භූමි...මගේ දරුවා හරි වාසනාවන්තයි.."

"ඔයාගේ ඔය මූණේ හිනාවක් මැවෙන ඕන දෙයක් මං කරනවා සේනූ..ඔයාට මං ගොඩාක් ආදරෙයි.."

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now