සේනාශ් භූමිව තුරුළු කර ගත්තේ නින්දෙහි උන් භූමි සෙමින් ඇස් ඇර සේනාශ් දෙස බලද්දීය.
"ඇහැරෙව්වද මං..?"
භූමි නිදිමරගාතයේම මද සිනහවක් පා සේනාශ් පපුවට ගුලි විය.
"මහත්තයා..."
"ම්ම්ම්..."
"අරහෙම හැමෝම ඔයාගේ අත ඉඹිනවද..?"
"ඒක එයාලා ගෞරවය දක්වන විදිහක් බබෝ.."
"ඒ උනාට මට ඉරිසියාවේ බෑ අප්පා.."
"අද අත් ග්ලව්ස් දැම්මේ නෑනේ..වෙනදට මං අත් ග්ලව්ස් දානවා..ඒ ගැන හිතන්න එපා.."
"ආයේ අත් ග්ලව්ස් නොදා කොහෙවත් යන්න එපා හරිද..?" භූමි කීවේ සේනාශ් දකුණත ගෙන එය අතෙන් පිස දමමිනි.
"ඉඹිනවා කියලා බොරුවට කෙල ගානවා.." භූමි සේනාශ්ගේ අතගෙන ඉවරයක් නැතිව ඉඹිද්දී සේනාශ් කීවේ භූමිගේ පස්සට පහරක් ගසමිනි.
"අහ්...කවුද කෙල ගෑවේ.."
"හරි හරි..මේ අහන්නකෝ මැණිකේ...එහෙට ගියාම ලංකාවේ හිටියා වගේ නිදහසේ ඉන්න බෑ තේරුණාද..?ඔයාට වෙන් කරපු සේවිකාවො බොඩි ගාඩ්ලා ඉදිවි..ඔයාට වෙනම කාමරයක් තියේවි...ඇවිදින කන බොන විදිහට පවා නීති තියේවි..ඔයාට බඩේ ඉන්න දරුවා නිසා තව නීති තියේවි තේරුණාද..?ඔයාට තව වගකීම් දරණ්න වෙයි...අපේ මමා ඒවා ඔයාට කියාදේවි තේරුණාද..?ඔයාගේ සේනාශ් ටිකක් බිසී වෙයි තේරුණාද..?ඒත් මං ෆ්රී උන ගමන් මැණික හොයන් එන්නම් හරිද..?"
"ඔයා ගොඩාක් බිසි වෙනවද සේනාශ්.."
"මැණික..එහේ ඔටුන්න හිමි කුමාරයා කියන තනතුරට අමතරව මං එහේ සියළු ආරක්ෂක අංශ බාර කෙනා..වැඩ තියෙනවා ඉතින්.."
"හ්ම්..."
"මං පුළුවන් තරම් එන්නම් ඔයාව බලලා යන්න.."
"අපි දෙන්නා එකට නෙවෙයිද නිදා ගන්නේ..කාමර දෙකකද?"
" එකට එකට..මාළිගාව ඇතුලෙම අපි දෙන්නාට වෙන් කරපු කොටසක් තියෙනවා..ඒකේ ඔයාට වෙන්කල කාමරයකුයි..මට වෙන් කල කාමරයකුයිත් තියෙනවා..මං එන්නම් ඉතින් ඔයාගේ කාමරේට නිදා ගන්න.."
"මට දැන් එහේ යන්න ඕනි නෑ වගේ..."
"බය වෙන්න එපා..ඔයා තනි වෙන්නේ නෑ.."
YOU ARE READING
රජෙකුගේ ප්රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...