" සර්..උදේට කාලත් නෑ..කන්නත් බෑ කිව්වා..දැන් දවල්ටවත් කමු අප්පා..."
" මට බඩගිනි නම් මං කනවනේ ඕයි...අනික තමුසේ කවදා ඉදන්ද මගේ කෑම ගැන වදවෙන්න ගත්තේ..උදේ ඉදන් කොහෙන්දෝ උස්සන් ආපූ බර්ගර් එකක් අල්ලන් වද දුන්නා..දැන් බත් එකක් උස්සන් ඇවිත් වද දෙනවා..."
උදේ ඉදන් කන්න කන්න යැයි වද දෙන නිමන්ත නිසා කෝපයට පත් භූමි කෝපයෙන් කෑ ගැසුවේය.
" ඇයි අප්පා...බර්ගර් එකක් ගේන්න majestic එකටම ගියා..ඒ ගිහිල්ලත් ගෙනාව එක එපා කිව්වා..දැන් කන්න ගිහින් සර්ව මතක් වෙලානේ acrpol එකෙන් ගෙනාවේ..මේකේ කෑම මිලයිත් එක්කනේ..."
"මට එපා කියන්නේ....අයිසේ ඔය ෆෝන් එක අන්සර් කරපං..මොන සාපයක්ද ඕක වදිනවා වදිනවා..." භූමි කෝපයෙන් කෑ ගැසුවේ විටින් විට නාද උනත් සැරින් සැරේ නාද වෙන දුරකථනය ඔහුට පීඩාවක් වූ නිසාය.
" අහ් නෑ සර්..කමක් නෑ..."
" තොට කමක් නැති උනාට මට කමක් තියෙනවා..පලයං යකෝ යන්න.." භූමි කෝපයෙන් මොර ගෑවේ නිමන්ත ගැස්සී යද්දීය.
[Phone conversation :
" හෙ..හෙ..හෙලෝ සර්..." නිමන්ත භූමිගේ කාමරයෙන් පිටතට විත් දුරකථනය කනේ ගසා ගත්තේද බියෙනි.
" කෑවද..?"
" නෑ ස..."
End]
නිමන්තට කියාගත හැකි වූවේ එපමණකි.ඇමතුම විසන්ධි වී ගියේය.
"මුන් දෙන්නටම මැදිවෙලා තැලෙන මං පව් යකෝ..." නිමන්ත යටි හිතින් කෝපයෙන් කෑ ගැසුවේය.
විනාඩි පහළොවක් ගත වීමටත් පෙර සම්පූර්ණ නිළ ඇදුමින් සැරසුණු සේනාශ් නිමන්තගේ ඔෆිස් රූම් එකේ පෙනී සිටියේ නිමන්ත ස්වයංක්රීයව නැගිට්ටවී සැලියුට් කරද්දීය.
YOU ARE READING
රජෙකුගේ ප්රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...