බිම ඉදගෙන ඔහේ කල්පනා කරමින් උන් භූමි කුසට අත තබන්නට ගියත් කරන්ට් වැදුණාක් මෙන් අත ඉවතට ගත්තේය.
"මට දරුවෙක් හදන්න බැ.."
"මට බෑ..මට ජීවත් වෙන්නත් බැරිව කොහොමද..?"
"මං පොඩි උන්ට කැමති නෑ.."
"අප්පෙක් නැතිව...මට ජීවත් වෙන්න විදිහක්වත් නැතිව...මෙහෙම හැංගි හැංගී..."
"මට බෑ...මට බෑ...මට බෑ...ඇයි සේනාශ්...ඇයි...මට මෙහෙම කලේ..ඇයි මේ පවට මාව ඇදලා දැම්මේ...මං ඔයාට මොනා කලාට දෙයියනේ.."
"මං තමුසෙට වෛර කරනවා..."
අවසන් තීරණය ගත් භූමි කාමරයේ දොර ඇර දමා ඇදට වැටී ගුලි වූවේ අසරණවය.
දවසක් ගෙවී ගොස් තවත් දවසක් උදා වූවේ සුපුරුදු මූසල කමිනි.
"නිමන්ත මට එළියට යන්න ඕනි.."
"සර්..."
"මට ඔය සර් කියන එක නවත්ත ගනින් නිමන්ත.මං උඹේ සර් නෙවෙයි නේ තව දුරටත්...මං හැංගි හැංගි ජීවත් වෙන අනාථයෙක්..."
"ඔහොම කතා කරන්න එපා සර්..."
"මාව එළියට එක්ක යන්න..."
"ලෑස්ති වෙලා එන්න..තුන් දෙනා එක්කම යමු.."
"හ්ම්..."
ඇගට හිර තද ඩෙනිමක් භූමි තෝරා ගත්තේ කුස සිරවෙන අයුරිනි.එය අදින්නට අතට ගත්තත් භූමි නැවත එය පසෙකට විසිකර දැමුවේය.ආපසු ලිහිල් කලිසමක් ගත් භූමි එය ඇද ගත්තේය.
භූමි වැරදිලා හෝ කුස දෙසට අත ගෙනියන්නේ නැත.ඔහු හිතාමතාම කුස තුළ උන් ජීවියාගෙන් ඈත් වී උන්නේය.
භූමි හා පිරිස මේ දින වල සැග වී උන්නේ මාතලේ ඇතුලට වෙන්නට පිහිටා තිබූ ගම්බද පෙදෙසක වූ අතර ඔවුන් හතර දෙනා පයින්ම ඉදිරියට ඇවිද ගියේ කාටවත්ම සැක නොහිතෙන අයුරිනි.
භූමිට අවැසි වූවේ අද මොවුන් හා ඇවිද පාරවල් මතක තබා ගැනීමටය.එසේ වුවහොත් හෙට දින නිවසින් පැන වෛද්‍ය මද්‍යස්ථානයක් සොයා ගත හැකි වේ.කුස තුළ උන් ජීවියා නැති කර දැමීමට භූමිට අවැසි ප්‍රධානම දේ විය.
"එයා දුක් විදින්නෙත් නෑ..මං දුක් විදින්නෙත් නෑ.."
කුඩා නගරයේ වීදි පුරා කඩ කාරයින්ය.එළවළු පලතුරු හා නේක නේක දේවල් බිම දමාගෙන විකුණයි.භූමි ඒ දෙස බලා උන්නේ කුතුහලයෙනි.
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...