භූමි උන්නේ වැඩ අස්සේ හිරවීය.වර්ෂ අවසානය නිසා ඔහුට ඔලුව උස්සන්නවත් වේලාවක් නොතිබුණි.
ඒඅතර දුරකථනයට පැමිණි කෙටිපණිවිඩයක හඩක් ඇසුණත් ඔහු ඒ පිළිබඳව අවදානය දුන්නේ නැත.ඔහුට අවැසි වූවේ හැකි ඉක්මනින් නිවස වෙත යෑමටය.
" සර් මං ගිහින් එන්නද..?" භූමිගේ දැහැන බිදුණේ නිමන්තගේ හඩිනි.
" මොකද මෙච්චර කලින්...අද year end එක නේද..?මමද ඕයි මෙතන දැන් සේරම කරන්න ඕයි..."
" සර් 3.30 වෙලාව..."
" what..." භූමි වේලාව බැලුවේ එවිටය.
" සර් අද වැඩ වැඩ වැඩමනේ..දවල්ට කෑවෙත් නෑ.."
" ඉතින් මේ year end එකනේ යකෝ..තොපිට වැඩ නැද්ද මට විතරද වැඩ එතකොට..."
" අපේ වැඩ ටික ඉවයි සර්...සර්ත් දැන් ගෙදර ගිහින් ලෑස්ති වෙලා එන්න..."
" කොහේ යන්නද..?"
" අද 31st party එකනේ සර් company එකේ..."
" අහ්...නිමන්ත ඒක ඇදගෙන යන්න...අප්පච්චිත් එයි..මට අද එන්න බැරිවෙයි...."
" අයියෝ සර්..."
නිමන්තට අනෙක් කිසිවක් කියන්නට ඉඩ නොලැබුණේ භූමි සේරම ටික අකුලාගෙන දුවපු නිසාය.
සේනාශ් නිවසට එන විට සවස 6.30ත් පසු වී තිබුණේ වර්ෂ අවසානය නිසා ඔහුටත් වැඩ ගොඩ ගැසී තිබුණු බැවිනි.
භූමි සියළුම වැඩ අවසන්කොට කාමරයට පැමිණියේද එවිටම වාගේය.
" ඔහ්..ඔයත් දැන්ද ආවේ.." භූමි දෙස බැලූ සේනාශ් ඇසුවේ පුදුමයෙනි.
" හ්ම්..මහන්සි මහත්තයා..."
සේනාශ්ගේ මුවෙහි හීන් හිනාවක් ඇදුනි.භූමි තමාට මහත්තයා යැයි අමතන අයුරු හුරතල් ය,ඒ මුවින් මහත්තයා යැයි කියන වාරයක් ගානේ සේනාශ්ට දැනෙනුයේ හදවත තුළ මල් පොහොට්ටු පිපෙනවා වැනි පිඹිදීමකි.
" ගොඩක් මහන්සි වගේ මගේ කොල්ලාට..." භූමි අසලට පැමිණි සේනාශ් කීවේ ඔහුගේ හිස සිඹිමිනි.අවසානයේ එය කම්බුල් වලටත් නහයටත් එතැන් සිට දෙතොල් දක්වා ඇදී ගියේ භූමි සේනාශ්ගේ ගෙළෙහි එල්ලී ඔහුට තුරුළු වූ නිසාය.
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...