"ඔයා මාව දාලා යන්නේ නෑනේද මහත්තයා...?"
කඩාගෙන බිදගෙන සේනාශ්ගේ ඔෆිස් එකට ආව භූමි කිසිදු අවසරයක් නැතුවම සේනාශ්ගේ කාමරයට ආවේ සේනාශ් පුදුමයෙන් හිටගනිද්දී."මොකද මේ..ම්ම්..."
සේනාගේ කමිසය ගුලිකර අල්ලා ගත් භූමි ඇසුවේ සේනාශ්ගේ ඇස් දිහාම බලාගෙන වෙද්දි සේනාශ් එසේ ඇසුවේ භූමිගේ හිස අතගාමින් නළලට හාදුවක් දෙමිනි.
" ඔලුව අතගාලා ඉඹින්න නෙවෙයි ඔව් ද නෑද කියන්න..."
" මං කොහේ ඔයා දාලා යන්නද බෝනික්කෝ..."
"ඔයාගේ ගෙදර...නෙදර්ලන්තේනේ තියෙන්නේ.."
"යනවා..ඒත් දාලා නෙවෙයි..."
"පොරොන්දු වෙනවානේද...?"
" කලබල නොවී ඉන්න වස්තුව...දැන් ගෙදර යන්න..මං එන්න රෑවෙයි..මේ ප්රශ්න එක්ක..."
"යන්නේ නෑමයි නේද අනේ...?"
"යන්නේ නෑමයි අනේ..." සිනාසූනු සේනාශ් කීවේ භූමිව තමා වෙතින් මුදවමිනි.
" ඉක්මන්ට ගෙදර එන්න..."
" ඒක නම් බැරිවෙයි භූමි...ඔයා මං එනකල් බලන් ඉන්න එපා...මොනා හරි ඇරන් ගිහින් කාලා නිදියන්න..." සේනාශ් කීවේ භූමි අතට පන්දාහේ කොලයක් දිගු කරමිනි.
" සල්ලි තියනවා...රෑට කන්න දෙයක් අරන් යන්නවත් බැරිවෙන තරමට හිඟන්නෙක් නෙවෙයි මහත්තයා මම..."
"ඔයාට මොනවා කොහොම පැහැදිලි කරන්න ඕනිද කියලා මට තේරෙන්නේ නෑ බබා...එහෙනම් ගෙදර යන්න..."
" අනේ මහත්තයා..."
"ම්ම්ම්...මට පාළුයි නේ..."
"භූමි...දැන් ඇති ඔය හුරතලේ...ගෙදර යන්න දැන්..මෙතන ඉන්න එපා...යන්න..."
"ඔයා ඇයි මාව ඉක්මන්ට යවන්න try කරන්නේ...?" භූමි ඇසුවේ සැකමුසු බැල්මෙනි.
"එහෙම මගු....."
"සේනාශ් අර ප්රශ්න කිරිම්වලට උත්තර බදින්න යන්න ලෑස්ති..." සේනාශ් කියන්න ගිය දේ නතර උනේ SDIG එතැන්ට කඩා වැදුණු නිසාය.SDIG රොෂාන්ද කියාගෙන පැමිණි දේ නතර වූවේ භූමිව දුටු බැවිනි..
" අහ්..සේනාශ්ගේ partnerත් ඇවිත්නේ. මොකෝ husbandගේ හපන්කම් බලන්නද ආවේ..."
YOU ARE READING
රජෙකුගේ ප්රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...