Chapter 46

3.1K 484 87
                                    

සේනාශ් තමාව ඔසවාගෙන කාමරයට එනතෙක් බොරු නින්දක උන් භූමි සෙමින් ඇස් ඇර බැලුවේ කපටි සිනහවක් මුවට නගාගනිමිනි.

"බොරු කාරයා.." සේනාශ් කීවේ භූමිගේ පස්සට පහරක් ගසමිනි.

"ආයේ ඉතින් චුට්ටක් වඩාගෙන ආවාම මක් වෙනවද මිනිහෝ.."

"ම්ම්..වොෂ් දාන් දොයියන්නකෝ.."

"ඇයි ඔයා..?"

"මට වැඩ වගයක් තියේ මැණිකේ..ඉවර කරලා එන්නම්කෝ.."

කිසිත් නොකියාම සේනාශ්ගේ කොපුලක් සිපගත් භූමි සේනාශ්ගේ පපුවට තුරුළු විය.

"ඔයාට මහන්සි නැද්ද මහත්තයෝ..?"

"මහන්සී..ඒත් මං මට පැවරුණු වැඩ ඉවර කරන්න එපැයි මැණික.."

"අනේ මගේ සේනාශයෝ...මට තමුසේ ගැන හරි දුකයි ඕයි.."

"කොච්චර මහන්සි උනත් ඔයා පොඩ්ඩක් ඇවිත් මට තුරුළු වෙලා ඉන්නකෝ..මගේ මහන්සිය නිමෙනවා.."

"ඔයා සෑහෙන cheesy මේ දවස් වල.."

මද වේලාවක් භූමිට තම තුරුලේ ඉන්න දුන් සේනාශ් ඔහුගෙන් මිදුණේ පැමිණි දුරකථන ඇමතුමක් නිසාය.ඇමතුම අවසන් වන පාටක් නොපෙනුන නිසා භූමි නාන කාමරයට වැදුණේ වොෂ් එකක් දා ගැනීම සඳහාය.

වොෂ් එකක් දාගෙන පැමිණි භූමි ඇදේ හාන්සි වෙද්දි සේනාශ් උන්නේ සෝෆා එකෙහි වාඩි වී ලැප් එකට එබීගෙනය..සේවිකාවක් ඔහුට වීදුරවකට විස්කි වත්කර දී බෝතලයද එලෙසම තබා කොන්ද නමා ආචාර කොට අඩි දෙක තුනක් පසුපසට විත් නැවත ආචාර කර යන්න ගියේය.

"ඔයා මේ වෙලාවේ ඇයි විස්කි බොන්නේ..?"

"බොන්න හිතුනා ටිකක්.."

"මටත් චුට්ටක් දෙන්නකෝ.."

"මගෙන් කුණුහරප නාහා නිදියපං භූමි..බඩේ ඉන්න එකාට දැන්වත් ආදරේ කරපංකෝ නපුරු නොවි...අම්මා කෙනෙක් කියන හැඟීමවත් උඹට දැනෙන්නේ නැද්ද..?"

"මං එයාට ආදරෙයි තමා මහත්තයා..මං මුලින් එපා කිව්වාට මං දැන් එයාට ආදරෙයි..මං එහෙම නපුරු කෙනෙක් නෙවෙයි නේ..එපා එපා කිකියා උනත් දැන් එයා මාස දෙකහමාරක් මගේ බඩේනේ දෙයියනේ.."

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now