Chapter 39

3.4K 513 68
                                    

"වස්තුවේ..." සේනාශ් කුස්සියට එබී නිහඩවම තේ එකක් හදන භූමි දෙස බලා උන්නේය.

"ම්ම්ම්...."

"මං එක්ක තරහින්ද..?"

"නෑ..."

"ඔයාගේ අප්පච්චිට..."

"සේනාශ්...මට එයාගෙන් ඇති අදාළත්වයක් නෑ..මං කැමති නැත්තේ ඔයා රණ්ඩු වල පැටලෙනවට..ඔයා මිනිමරුවෙක් වෙනවට..අමතක කරන්න එපා සේනාශ් ඔයාගේ බාප්පයි මල්ලී දෙන්නම මෙයාලා මැරුවා කියන එක..මට ඕනි උනේ සද්දේ නැතිව ඉදලා ඔයා එක්ක හොරෙන්ම යන්න..මට ෆ්ලයිට් එකට නැගලා මේ රටේ දේශසීමාව පහු වෙනකල් සැනසීමේ හුස්ම ගන්න බෑ දැන්...මට අදාළ නෑ අප්පච්චිට මොනා උනත්...මං බය වෙන්නේ ඔයාට සීරිමක් හරි වෙයි කියලා..දැක්කනේ බඩත් තුවාල වෙලා.."

"දරුවෝ..."

"එන්න එපා දරුවෝ දරුවෝ ගාගෙන..ඔයා හැමදාම ඕනි නැති වැඩ කරලා මගේ කේන්තිය අවුස්සලා බටර් ගාලා ශේප් වෙනවා.."

"දණ ගහගෙන ඉන්නද එහෙනම්.." සේනාශ් ඇසුවේ සිනාසෙමිනි.

"මල විකාර..මෙන්න මේක බොන්න..." භූමි සේනාශ් හට තේ කෝප්පය දෙන්න හැරුණත් ඔහු එලෙසම kitchen island එකට හේත්තු උනේ සේනාශ් ඔහුට හුස්මක දුරටම ලං වූ නිසාය.

සේනාශ්ගේ සරාඟි දෑස් භූමිගේ මුහුණ මතට එල්ල වෙද්දි භූමිගේ දෑස් ජිල්බෝල සයිස් එකට විශාල වූ අතර ඔහුගේ දෑස් භූමිව මගහරිමින් එහාමෙහා දිව්වේය.

"ආව වෙලේ ඉදන් මගේ මැණිකේ කච කච ගහා මට බනින එකමනේ කරන්නේ......" සේනාශ් කීවේ තරවටු හඩිනි.

"මේ...තේහ්...ම්ම්ම්..හ්ම්...මහත්තයාහ්.." භූමිට කියන්නට ගිය දේ කියාගත නොහැකි වූවේ සේනාශ්ගේ රළු අතක් භූමිගේ ඉන පිරිමදින නිසාය.

"ඔය තියෙන්නේ...ඔය sexy moans තමා මං මැණිකෙගෙන් අහන්න ආසම..අහ්ම්...මහත්තයාහ්...කියද්දි මට පිස්සු හැදෙනවා..."
සේනාශ් ඔහුගේ හඩින් භූමිගේ කෙදිරිය act කරද්දි භූමි සහමුලින්ම රතු වී ගියේය.

" අනේ..."

"තේ එක පොවන්න ඉතින් නිවෙනවනේ..." සේනාශ් කීවේ භූමිගේ අතෙහි වූ තේ කෝප්පයට මුව ලං කරමිනි...

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now