Chapter 48

3.7K 498 80
                                    

භූමි ඔහේ සේනාශ් රදවා තැබූ කුටියේ දොරකොඩට වී බලා උන්නේය.ඔහුගේ දෑස් වල හැඟීම් මැරී ගොස් අදට මාසයකි.
ඔහුට මීට මාසයකට පෙර සේනාශ්ගේ දෙපා බදා ගනිමින් විලාප තිබූ අයුරු සිහිවිය.ඔහු සේනාශ්ගෙන් ඇස් අරින ලෙස තමාට ඉල්ලිය හැකි සෑම අයුරින්ම ඉල්ලා සිටියේය.වෙනදාට තමා මූණ එල්ලා ගත්තත් ඒ පිළිබඳව ඕනෑවටත් වඩා සැලකිලිමත්වෙන සේනාශ් එදා නිහඩ විය.හුස්ම හිරවෙනතෙක් ඇඩුවත් සේනාශ් ඇස් ඇරියේ නැත.
ඉතින් තමාගේ හැඟීම් වලට වටිනාකමක් දුන් තේරුම්ගත් ඒ මිනිසාද ඔහුගේ කඳුළු ඉදිරියේ නිහඩ වෙද්දි ඔහු කඳුළු මරා දැමුවේය.
ඔහු අදත් මෙම දොර අසළ නැවති ඔහුට ජීවිතය දී තම ජීවිතය බිළිඳුන් ඒ ආදරණීය මිනිසාගේ නිසළ දේහය දෙස බලා උන්නේය.ඔහු පිටතින් නිහඩය.. නමුත් ඇතුලතින් ඔහු තවමත් සේනාශ්ට තමන්ගේ දුක කියමින් හඩා වැටෙන්නේය.තමන්ගේ වේදනාව කියමින් කෙදිරි ගාන්නේය.තමන්ගේ කෝපයට හේතු කියමින් ඒ නිසල දේහයට අධි චෝදනා නගන්නේය..

"සේනූ..ඔයා තාමත් දොයිනේ...දැන් මට වෙනදා වගේ කෑ ගහලා ඔයාව ඇහැරවන්නවත් බෑනේ..අනේ සේනුවෝ..මගේ මහත්තයෝ...මට පාළුයි අප්පා..නැගිටපංකෝ මගේ රත්තරනේ.."

"අපේ දරුවට දැන් මාස හතරට කිට්ටුයිනේ සේනුවෝ..එයා දඟලනවා මහත්තයෝ දැන්..හිටි ගමන් එයා පයින් ගහනවනේ..ඔයාට නොදැනුනාට එයාට නම් එයාගේ අම්මාගේ දුක දැනිලද කොහෙද වෙලාවකට බඩ පලාගෙන එළියට එන්න ඕනි වගේ දගලනවා..ඔයාට තමයි මගේ වේදනාව දුක නොතේරෙන්නේ..නොදරුවාටත් තේරෙනවා..තමුසේ නම් මහා මෝඩ මූසල සැමියෙක් සේනුවෝ..මෙලෝ කමකට නැති මූසලයෙක්..තෝ හැම රෙද්දම මගේ ඔලුව උඩ දාලා නිදා ගත්තම හරිද බූරුවෝ..බොරුමයි කලේ..අලුත් පටන් ගමු කිව්වා..අපිට අපි ඉන්නවා කිව්වා..එහෙම කියලා මෝඩ මූසලයා නිදිකුම්බරයා වගේ නිදි..දැන් තමුසෙට ඉස්සර වගේ මෝල් අමාරුවවත් හැදෙන්නේ නැද්ද ඕයි..ඔහොම නිදියන් ඉන්නේ.."

"අනේ සෙනුවෝ...අද ගොඩාක් වැඩ තිබුණනේ මැණික..ඒකනේ මට එන්න පරක්කු උනේ..දැන් ඔයාගේ වැඩත් කරන්නේ මමනේ..මගේ බූරූ තඩියා කම්මැලි වෙලා දොයි නිසා..පරක්කු උන එකට තරහෙන් තව දොයියන්න එපා අනේ..ඔයාගේ මැණිකට හරි පාළුයිනේ මගේ දෙවියෝ ඔහොම දොයියද්දි..මගේ බඩ දැන් බලපු ගමන් පේන තරමට ලොකුයිනේ..කොන්ද කැක්කුමයි හරි....යට..ඔයා නැගිට්ටම මගේ කොන්ද අතගාන්න ඕනි හරිද..?"

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now