Chapter 10

3.8K 527 164
                                    

එහි වූවේ භූමි එම තරුණයා සමඟ විවිධ ස්ථාන වලදි දක්නට ලැබුණු අවස්ථාවල ඡායාරූපය.වැඩිපුරම වූවේ nigh club වල වූ අතර ආදිත්‍ය වූවේ බොහෝ අවස්ථාවල භූමිගේ උකුලේය.

එක් ඡායාරූපයක වූවේ ඔහු භූමිගේ උකුලේ වාඩි වී ඔහුගේ මුවට සිගරැට් එකක් ලංකරන අයුරුය.තවත් එකක භූමි වූවේ එම තරුණයාගේ පපුවෙහි හිසතබාගෙනය.

" භූමී...භූමි...භූමී...." සේනාශ් පුටු ඇන්දට හේත්තු වී දෑස් වසාගෙන මිමිණුවේය.

" මනී..මේ මිනිහව හොයා ගන්න..ඌව අරගෙන එන්න..මං meeting එකට ගිහින් එන්නම්..."

" පොලීසියටද..?"

" නෑ..මගේ ප්ලේස් එකට..මේක රහසින් වෙන්න ඕනි දෙයක්..."

" ok.."

මනීෂාහට ඇමතුමක් ගෙන අණ දුන් සේනාශ් රැස්වීම වෙත පිට වූවේය.සේනාශ් රැස්වීම් ශාලාවට ඇතුළු වනු දුටු අගමැතිතුමාගේ මුහුණ කළු වෙනු සේනාශ් දුටුවේය.

රැස්වීම තුළ සේනාශ් වූවේ කීමට බොහෝ දේ තිබුණත් නිහඩවය.ඔව්න් ඔව්න්ගේ ආරක්ෂාව ඔවුන්ගේ බලය වැඩි කර ගැනීමට දගලනවා විනා මිනිසුන් ගැන සිතන්නේ නැත.

ජානාධිපතිගේ ආරක්ෂාවට තව මෙච්චරක් ඕනි..අගමැතිගේ ආරක්ෂාවට තව මෙච්චරක් ඕනි..ගෑණිගේ බාප්පා හොටෙල් එකක් හදනවා ඒකේ වැඩට ටික දෙනෙක් ඕනි.

" සේනාශ් අපිට ඔයාගේ යටතේ ඉන්න ටීම් එකෙන්..."

" extremely sorry sir..මට මගේ ටීම් එකෙන් එක්කෙනෙක්වත් ඕකට දෙන්න බෑ..එයාලා මේ ටිකේ වෙන mission එකක ඉන්නේ..." සේනාශ් SDIG කියන්නට පෙර ඔහුව වලකාලීය.

" මොකක්ද mission එක මිස්ටර් සේනාශ්..."

" මේ දවස් වල පාතාල කේස් වැඩී..ඊයේත් දෙන්නෙක්ව වෙඩි තියලා මරලා..එයාලා මේ ටිකේ ඒ පස්සේ දුවනවා සර්.." සේනාශ් ජනාධිපතිතුමාට පිළිතුරු දුන්නේය.

" ආහ්...ඒක පස්සේ බලා ගන්න පුළුවන් නේ පුතා.."

" මං මගේ ටීම් එකේ එක්කෙනෙක්වත් කාගෙවත් ආරක්ෂාවටවත් කාගෙවත් ලැට් හෝදන්නවත් දෙන්නේ නෑ..උන් සේරම විශේෂ පුහුණු වීම් ලබපු special task වලට යොදවපු අය..මගේ team එකේ කවුරුත් මේවට දෙන්න බෑ...මේ පාතාල කේස් පස්ස ගහන්නත් බෑ...අහින්සක මිනිස්සුත් මැරෙනවා නිකන්..." සේනාශ් ජනාධිපති ඉන්නවා කියා හෝ නොසිතා හඩ උස් කලේ සිය මාමණ්ඩියගේ ඉල්ලීමට පැහැදිලි විරෝධය පාමින් ස්ථිර හඩිනි.

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now