" මල්ලිකා ඇන්ටි තේ එකක්.." සේනාශ් නිවසට ගොඩ වූවේම තේ එකක් ඉල්ලමිනි.
" ගෙනත් දෙන්නම් ලොකු මහත්තයා..."
" මං නාගෙන එන්නම්..."
" චූටි මහත්තයා තාම නෑනේ ලොකු මහත්තයා.." නාගෙන ආව සේනාශ්ට තේ එක පිළිගැන්වූ මල්ලිකා කීවේ විවරව තිබූ ජනේලයෙන් පාර දෙස බලමිනි.
"ම්ම්ම්.."
" ඔරලෝසු ටික ආයෙම හදා ගමු ලොකු මහත්තයා..මං අරන් තිබ්බා ඒ ටික පරිස්සමට..චූටි මහත්තයා හිතලා නෙ...."
" ම්ම්..විසිකරලා දාන්න ඇන්ටි..ඕවා කොහොමත් කැඩෙන බිදෙන බඩු...අඩු තරමේ ඕවා කැඩුනම විසි කරන්න හරි පුළුවන්..."
භූමි ගෙට ගොඩ වූවේ එවිටම වාගේය.මුළු නිවසම සිගරැට් ගඳෙන් පිරී ගියේ සේනාශ්ට කැස්සක්ද ඇති කරමිනි.
" භූමි..."
භූමි නෑසුණාක්මෙන් උඩ තට්ටුවට නැග්ගේ ඔවුන් ඉන්නවා කියා හෝ නොතකමිනි.
" ඔයාට ඕන නම් ශූට් කරන්න ඉගෙන ගන්න වත්ත පහළට එන්න.."
" ඕනි නෑ.."
මෙතෙක් වේලා සේනාශ් අසළ දැවටෙමින්,මල්ලිකාගේ දිගු සාය එහා මෙහා සැලෙන වාරයක් ගානේ එයට බුරමින්ද උන් රෝගර්ද භූමි පසුපස දිව ගියේ කූන් කූන් ගාමිනි.කාමරයට වැදුණු භූමි පෙරදා රැයෙහි සිට සිරකරගෙන උන් කදුළු මුදා හැරියේ ඇද පාමුල බිම වාඩි වෙමිනි.
" සේනූහ්...."
හදවත හූරාගෙන පිටතට පනින්නට දගලන ඉකිය ඔහු වාවගත්තේය.ඔහු ඇදේහි සේනාශ් නිදා ගත් පැත්තෙහි හිස තබා ගත්තේ ඔහුගේ නම මුමුණමිනි.ඔහුගේ දෑත් එහි සෑම තැනම දිව ගියේය.රෝගර් ඔහේ භූමිගේ ඔඩොක්කුවට වී භූමි අඩන දෙස පුදුමයෙන් මෙන් බලා උන්නේය.
" මට ඔයාව ඕනි...වෙනදා වගේ රණ්ඩු කරන්න..ඔයාගෙන් බැනුම් අහන්න..ඔයාට තුරුල් වෙන්න..ඇයි...?ඇයි...මට මෙහෙම උනේ මහත්තයා.."
අවසානයේ ඔහු දරාගෙන උන් ඉකිය ඔහුටත් හොරාවට පිටතට පැමිණියේ ඔහේ ගලමින් තිබූ කඳුළු වාන් දැමූ වේල්ලක් මෙන් පිටාර ගලද්දීය.
භූමිගේ ඉකිගැසුම් හඩ සේනාශ්ගේ තියුණු කන් වලටද ඇසුණත් ඔහු එය නෑසුණා මෙන් ඉන්න උත්සහා කලේය.
YOU ARE READING
රජෙකුගේ ප්රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...