ඔව් අද තමා දවස..ඒ නෙදර්ලන්ත නීතීයට අනුව සියළු දෙවියන් ඉදිරියේ දිව්රලා සේනාශ් හා භූමි විවාහ වෙන දවස.මෙතෙක් නෙදර්ලන්තය පාලනය කිරීමට වරම් ලත් කිරුළ හිමි කුමාර වරුන්ගෙන් අතිවිශිෂ්ඨම කිරුළ හිමි කුමාරයා තම රට වැසියන් ඉදිරියේ මව් බිමේ නාමයෙන් දණ නමා දිව්රා කෝටි ගාණක ජනතා ජීවිත වල , පය ගසා සිටින මව් පොළොවේ හා හිසට සෙවන දෙන නෙදර්ලන්ත අහසේ භාරකාරයා වී කිරුළු පලදින දවස.මව් රැජිනගේ කුස තුල සිටින කාලයේ සිටම ඔහුගේ අරමුණ වී තිබූ දෙය සැබෑ වෙන දවස.
සේනාශ් සිටගෙන දෑත් දෙපසට කරගෙන උන්නේ සේවිකාවට ඔහුව සූදානම් කිරීමට පහසු වන අයුරිනි.
ඔහු ඇන්දේ සිය රාජකීය යුධ හමුදා නිළ ඇදුමය.එහි තමා දිනාගත් සියළු පදකම් පලදවා අවසන් වන තුරු ඔහු නොසෙල්වි සිටියේය.ලෝගුවද පලදවා අවසානයේ සේවිකාව පිටව යද්දි සිය මව සමඟ සේනාශ් කාමරයෙන් පිටතට ආවේය.රජතුමා සිය පුතු වෙනුවට බෑණාව තෝරගෙන උන් අතර ඔහු භූමිව අල්තාරයට රැගෙන ඒමේ වගකීම බාර ගත් නිසා සේනාශ් අසළ වූවේ රැජින පමණකි.
සුදු පැහැ මංගල ඇදුමින් සැරසි රජුගේ අතෙහි එල්ලි එන භූමිව දුටු සේනාශ්ගේ දෑසට කදුළු පිරුණි.
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...