Chapter 50 [END]

5.9K 638 182
                                    

තම රාජකාරි කටයුතු අවසන් කල සේනාශ් කාමරයට නොගස් භූමිගේ කාමරයට මදක් එබී බැලුවේය.

මාස හයක් වයසැති වූ කුමරු භූමිගේ තන පුඩුවක් කටේ ගසාගෙන කිරි උරමින් සිටියත් දරුවා තුරුළු කරගත් භූමි වූවේ තද නින්දේය.

තමාගේ අඩි ශබ්දයට දෑස් කරකවා බැලූ දරුවාගේ දෑස් දිලිසෙද්දි ඊළඟට ඔහු සූදානම් වන්නේ භූමිගේ තනපුඩුව අතහැර ශබ්ද නගා සිනහාසීම බව දන්නා සේනාශ් භූමි දෙස බැලුවේ අනුකම්පාවෙනි.මක් නිසාද ඒත් සමඟම ඔහුගේ නින්ද කැඩී යන බව දන්නා නිසාය.

"ෂ්..." සේනාශ් දබරගිල්ල මුවට තබා නිහඩ වන ලෙස කියද්දි එය තේරුනාක්මෙන් කුමරු නැවත තම කිරි බොන වැඩයට අවදානය යොමු කලේය.

"එයා ගොඩක් බුද්ධිමත් දරුවෙක්.."

තමාටම මුමුණා ගත් සේනාශ් කාමරයෙන් ඉවතට ගියේ දොර සෙමින් වසා දමාය.දොර අසළ නිදාගෙන උන් රෝගර් එක් ඇසක් පමණක් ඇර සේනාශ් දෙස බලා නැවත දෑස් වසා ගත්තේය.

නාගෙන පිරිසිදු වී පැමිණි සේනාශ් නැවත වතාවක් සෙමින් සෙමින් භූමිගේ කාමරයට පිය නැගුවේය.කිරි සුවඳ රැදුණු කාමරය පුරාවට දෑස් යැව් සේනාශ් ඇදේ අනෙක් පසින් ඇල වීය.

ඇද බර වෙනවාත් සමඟම භූමි අවදි වී දෑස් හැරියේය.

"ම්හ්..මහත්තයා..."

"දොයියන්න..දොයියන්න..." සේනාශ් කීවේ භූමිගේ ඉනට තට්ටු කරමිනි.

"අනේ ඔයා එද්දි මට නින්දේ ගියානේ.."

"ඔයාට රෑ එළිවෙනකල් නින්ද නෑනේ.."

මද සිනහවක් පෑ භූමි තම තනපුඩුව දරුවාගේ මුවින් මුදවා ඇදෙන් නැගිට ගත්තේය.

"මං නාලා එන්නම්ද මහත්තයෝ..ම්ම්..." ඇදේ සේනාශ්ගේ පසින් ඉදගත් භූමි ඇසුවේ ඔහුගේ නළලත සිප ගනිමිනි.

"ඇයි ඉතින් හදිස්සියේ..?ඔයා කොහොමත් හවස wash දාන්න ඇතිනේ..නිදා ගන්න.."

"කිරි ගඳයි ළඟ.."

"ගඳ නෑ සූදයි අම්මී ළඟ..." භූමිව තමා වෙත ඇදගත් සේනාශ් කීවේ භූමිගේ ගෙළ අසල සුවද ඉව කරමිනි.

"අනේ යන්න අප්පා..ඔයා අම්මී කියද්දී ලැජ්ජාවේ බෑ.." සේනාශ්ගේ පපුවට පහරක් ගැසූ භූමි කීවේ ලැජ්ජාවෙන් රතු වෙමිනි.

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now