අතර අභූමි පාර අයිනේ සිට එහා මෙහා යන වාහන දෙස බලා උන්නේ මොකට පැන්නොත් ජීවිතේ නැති වෙයිද කියා සිතනවාක් මෙනි.
"එයා එයි භූමි...ඉවසන්න..."
"උඹ ආයේ මෝඩ වෙන්න එපා භූමි ඌ ආයේ එන්නේ නෑ.."
"සේනාශ් එයි...බලාගෙන ඉන්න..."
"තව මොනවා ඉවසන්නද..?මෙහෙම ජීවත් වෙන එකට වඩා මැරෙන එක හොඳයි.."
"භූමි ඒ සේනාශ්ගේ දරුවා..උඹට මැරුණත් ඌව රකින්න වෙයි..."
"මං අනාථයෙක්..මට මොකුත් නැහැ..."
"භූමි ඒ උඹෙයි සේනාශ්ගෙයි ලේ...උඹ ඒ බඩේ ඉන්න එකාගේ අම්මා..."
මෙතෙක් සිය කුස නොඇල්ලූ භූමිගේ අත එක්වරම ඔහුගේ කුස වෙත ගියේය.
"සේනාශ්ගේ දරුවා..." භූමි උන්නේ හිත හා මොලය අතර සංවාදයකි.මොලය දරුවා නැති කරන්නට කියද්දි හදවත කීවේම ඒ සේනාශ්ගේ දරුවා කියාය.
"ආහ්..."
පාර දිහා බලාගෙන ඔහේ කල්පනා කරමින් උන් භූමිව පසෙකට ඇද ගත්තේ නිලේෂ් විසිනි.
"මොන මඟුලෙද යන්නේ...මැරෙන්න හිතන්ද එළියට ආවේ..අර බලපං උඹේ අප්පච්චිගේ හෙන්චයියෝ මෙතන..."
නිලේෂ් කෝපයෙන් මිමිණූවේ දත් මිටි කමිනි.නිලේෂ්ගේ දෑස් ඔස්සේම බැලූ භූමි දුටුවේ සිය පියාගේ ආරක්ෂකයෙක් දුරකථන ඇමතුමක සිටින අයුරුය.
"කලබල නොවී..ඔහොම්ම යමු...සාමාන්‍ය විදිහට..ඒත් පුළුවන් තරම් ඉක්මන්ට..."
භූමිගේ අත අල්ලා ගත් නිලේෂ් කිසිදු කලබලයක් නොදැනෙන අයුරින් භූමිව රැගෙන පොල පෙදෙසින් ඉවතට විත් ත්‍රීරෝද රථයක නැඟී නිවසටම නොයා ඊට මීටර් දෙසීයක දුරින් බැසගෙන භූමිවත් රැගෙන නිවසට ගොඩ විය.
"මනී...බඩු ලෑස්ති කර ගන්න...නිමන්තට එන්න කියන්න රහස් පාරෙන්...අපි මෙහෙන් යන්න ඕනි..."
"ඇයි..?"
"උන් මෙහෙට ඇවිත්...තව ටිකෙන් මේ මෝඩයා අහුවෙනවා...ගහනවා කන පොඩි වෙන්න ආයෙම මගේ ඇස් මානෙන් ගියොත්..."
"කොහාටද යන්නේ...මේක අන්තිම පොට් එක..."
"මොන මඟුලේ හරි අපි යන්න ඕනි..භූමි බඩු ටික ලෑස්ති කර ගන්න.."
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...