භූමි නින්දක් නැතිව ඔහේ බලා උන්නේය.නමුත් සේනාශ් ඔහු සොයා එන පාටක් හෝ නොවීය.සේනාශ් වෙත යන්නට සිතුණත් භූමි නොගියේ හිතේ තිබෙන ලොකුකම හා කේන්තිය නිසාමය.
සේනාශ් උන්නේ අධික වෙහෙසකය.හිස පුපුරන්නට රිදෙද්දි භූමිගේ පපුවේ හිස තියාගෙන ඔහුට කියා නින්දේ යන තෙක් හිස අතගා ගැනීමට අවැසි වූවත් සේනාශ් හිතාමතාම භූමි වෙත නොගියේ භූමි අනිවාර්යයෙන්ම ඇගට කඩාපනින බව දන්නා නිසාය.සේනාශ් උන්නේද දරා ගැනීමේ කෙලවර නිසා අනිවාර්යයෙන්ම භූමිට ගුටි කන්නට වනවා නොඅනුමානය.
නාගෙන ඇදට වැටුණත් ඔහුගේ නින්ද බිදි ගියේ දොර අසල එහා මෙහා යන අඩි ශබ්දය නිසාය.එහාට මෙහාට තුන් හතර වතාවක් ඒ අඩිශබ්දයෙ අයිතිකරු ඇවිද යන බව සේනාශ් අසා සිටියේය.
මොහොතකින් දොරේ අඟුල කැරකුණි.සේනාශ් සෙමින් හඩ නොනැගෙන සේ ඇද ලාච්චුව ඇර කිනිස්ස අතට ගත්තේය.
දොර ඇරෙන්නත් භූමිව පසෙකට විසි වී බිත්තියට සීල් වෙන්නත් ඔහුගේ පපුව මත කිනිස්ස තද වෙන්නත් කාමරයේ සියළු විදුලි පහන් දැල්වීමටත් තත්පරයක්වත් නොගියේ සේනාශ්ගේ වේගවත් බව හා තියුණු බව පෙන්වා දෙමිනි.
භූමිගේ කදුළු පිරුණු ඇස් දෙකත් ගැහෙන සිරුරත් දුටු සේනාශ්ගේ අතින් කිනිස්ස ගිලිහී ගියේය.
"මහත්තයා..."
"භූමි..."
සේනාශ් ආපසු හැරි ඇද වෙත යන්න හැදුවත් භූමි ඔහුව පිටුපසින් වැළඳ ගත්තේය.
"ඇයි මා ළඟට නාවේ..."
"ඔලුව කැක්කුමයි භූමි...ප්ලීස් කර ගන්න රණ්ඩුවක් හෙට කර ගමු...දැන් මට නිදා ගන්න දෙන්න.."
"අනේ..ඔයාට උණද..?" භූමි සේනාශ්ගේ නළල අල්ලන්න හැදුවත් ඔහු ඒ අත පසෙකට කර ඇදේ ඇලවුණේ සැබැවින්ම ඔහු සිටින්නේ පීඩාවෙන් නිසාය.
කළුවර කාමරයේ කිසිදු ශබ්බදයක් නොවිය.නමුත් සේනාශ්ට ඇද බර වෙන බව දැනුනේ භූමි නිහඩවම සේනාශ්ගේ අනෙක් පැත්තෙන් දිග ඇදුණු නිසාය.
"ම්හ්..."
සේනාශ්ගේ මුවින් කෙදිරියක් පිට වූවේ ඔහුගේ ගිනිගෙන දැවෙමින් තිබූ හිසට භූමිගේ සිනිදු ඇඟිලි පහස දැනුන නිසාය.
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...