❤️‍🔥පෙරවදන❤️‍🔥

13.9K 1K 348
                                    

අපි වෙනස්...සෑහෙන්න වෙනස්...අහසයි පොලොවයි වගේ...සුදුයි කලුයි වගේ...ඉරයි හදයි වගේ...මම සුදු වගේ පැහැදිලි වෙද්දී එයා කලු වගේ රළු ගති එක්ක ජීවත් වුනා...කවදාවත් එකතු වෙන්න අපේ දෛවයෙ ලියලා තිබ්බ කියල මන් හිතන්නේ නෑ...මට අවුරුදු 19දී එයාට 21දී අපි හමු වුනා කොලඹ අහස යට නොසිතූ ලෙස...

මම නිකේශ් සාකල්‍ය විජයවර්ධන...

අතලොස්සක් වුන යාලුවෝ මට කියන්නේ නික් කියලා...පස්සේ කාලෙක එකම එක්කෙනෙක් මට කේශ් කියන්න පටන් ගත්තා...ඒ කවුද කියලා පස්සේ කියන්නම්...

මම මහා ලොකු ලස්සනක් තියෙන කොල්ලෙක් කියලා මට නොහිතුනත් අම්මා නම් කියන්නේ මන් හරිම පින් පාට කොල්ලෙක් කියලා...මන් ගැන කියන්න පුලුවන් එක විශේෂත්වයක් තමා මට තියෙන පැහැපත් සම...කිසිම කැපී පෙනෙන වැඩකට නොයන මාව කොහේහරි කැපිලා පේනවානම් ඒ මගේ කිරි පාට සුදු හම නිසා...ගමේ ගෑනූ කට්ටිය කියනවා මන් හින්දි නලුවෙක් වගේ කියලා...අනේ මන්දා ඕවා නම්..

මගේ පවුලේ ඉන්නේ මායි අම්මයි අප්පච්චියි...අප්පච්චි අපෙ ගමේ ඉස්කෝලේක ප්‍රින්සිපල්...අම්මා නම් ගෙදර ඉන්නේ..දෙන්නගෙ පණ තමා මන්..

කොලඹ ප්‍රයිවට් යුනි එකකට මට IT ඉගෙනගන්න ස්කොලර්ශිප් එකක් නොලැබෙන්න මතුගමින් මම කවදාවත් කොලඹ එන එකක් නෑ...නුගේගොඩ තමා යුනි එක තිබුනේ...මම ඒලෙවල් කලේ මැත්ස්...

කොච්චර පොතේ ගිලිලා හිටියත් මට රජයේ කැම්පස් එකකට යන්න ලකුනු මදි වුනා...මන් පාඩම් කරපු හැටියට අයිලන්ඩ් රෑන්ක් එකක් ගනී කියලා වටේ පිටේ අය නම් බලාපොරොත්තු තියන් හිටියා...මන් එයාලට කිව්වේ නෑනේ මන් ගැන එහෙම හිතන්න..මන් නිතරම උසස්පෙළ පන්තියේ මුල් තුන් දෙනා අතර හිටියා...මන් ටිකාක් පොත පතේ වැඩට දක්ශයෙක්...කැම්පස් යන හීනයක් මට තිබුනා පොඩි කාලේ ඉදන්ම..

මගේ මාමා ලොකු සල්ලිකාරයෙක්...අපේ පවුලේ වගේ මධ්‍යම පාන්තිකයෙක් නෙමේ එයා...මට මේ කැම්පස් එකට යන්න ස්කොල් එක හදලා දුන්නෙ එයා...ඉතුරු සල්ලි එයා ගානේ...අම්මාගේ අයියා එයා...අපිට සෑහෙන්න උදව් පදව් කරනවා..එයාට ඉන්නෙත් එක පුතයි...ඒ අයියා නම් රට...

Campus Crush (Complete)✔️Where stories live. Discover now