හනිමූන් කියන වචනේ රශ්ගේ කටින් පිටවෙනවාත් එක්කම කේශ් දනි පනි ගාලා එයාගේ ඇගෙන් අහකට පැන්නා....
"මොකක්?..පිස්සුද ඔයාට?..බදින්න ඕනනේ හනිමූන් යන්න කලින්.."
"ඇයි? බැන්දේ නැත්තම් පැණිහඳ යැවෙන්නෙ නැති සීන් එකක් තියෙනවද?.."
ඇහැක් ගහලා කේශ්ව යන්තමින් බදාගෙන රයන් කියද්දී කොල්ලා කලබල වුනා...
ඉහේ ඉදන් පතුල් වෙනකම් කොටින්ම සපත්තු මේස් පවා දාගෙන හිටපු කේශ් පපුවට අත් බැදගෙන ඇදෙන් බිමට පැන්නේ තොල හපාගෙන රශ් එයා දිහා බලන් ඉද්දී....
"මන් දන්නෙ නෑ...මට ඕන නෑ..."
"ඔයා ඉන්නවා...මන් ඉන්නවා...ඇදක් තියෙනවා...අපිට ඩිස්ටර්බ් කරන්න කවුරුත් නෑ....ම්ම්ම්...අනික ඔයා කෑ ගැහුවත් කෙදිරි ගෑවත් එලියට ඇහෙන්නෙත් නෑ...."
ඇදෙන් බැහැලා ආපු රශ් දගකාරව එයා ලගට එනකොට කේශ් පස්සෙන් පස්සට ගියා...රශ් කලේම තව තවත් අරයව අවුස්සපු එක...
"මට බෑ....අනේ රශ්..."
අත් පපුවට බැදගෙන අඩන්න ඔන්න මෙන්න වගේ හඩකින් එයා කීවා...
"මන් එදත් කිව්වනේ මගේ රෝස මැණික ඔයා බෑ කිව්වත් මට ඕන නම් ගන්නවා කියලා..."
"ඔයාගේ කෙල්ල එක්ක යන්නකෝ..."
"එයා මෙතන නෑනේ...අනික ඔයා ඔය මොන කෙල්ලටත් වඩා ලස්සනයිනේ ..."
කේශ්ව එතන තිබ්බ බිත්තියට හේත්තු කරන් රශ් ලන්වෙලා කියද්දී....
"යන්නකෝ එහාට ඇගේ ගෑවෙන්නෙ නැතුව..."
"හරි මන් එහාට යන්නම්...කෝ ඔය ඇදුම් ගලවන්නකෝ..." එලියට පනින්න දගලන හිනාවක් ගිලගෙන රශ් කීවා...
"ලැජ්ජ නැද්ද ඔයාට අයියේ?..මන් ගෙදර යන්නම්කෝ...මොකක්ද අනේ?.."
"ලැජ්ජා වෙන්නෙ මොකටද? අපි දෙන්නටම එක වගේ ඒවනේ තියෙන්නේ....ඕන නම් සයිස් එක වෙනස් ඇති..."
"අනේ...ඔයා...මාත් එක්ක ඇත්තටම එහෙම කරන්නද යන්නේ..."
වලිගේ පාගගත්‍ත කේශ්ගේ ඇස්වලින් කදුලු පනින්න ගත්තාම රශ් බය වුනා...ඇස් රතු වෙන විහිලු හොඳම නෑනේ...
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...