නොසිතූ විදියට කේශ්ගේ හිත කෑලී වලට බිදී යද්දී සඳලි රයන්ගේ යෝජනාවෙන් සතුටින් උඩ පැන්නා...කෙල්ලට ලොතරැයියක් ඇදුනා වගේ...
"යාශ් අයියේ...අනේ මේ ඇත්තමද?...මට විශ්වාස කරන්නත් අමාරුයි...ඔයා මගේද?.."
එහෙම කියපු සඳලි රයන්ව බදාගත්තේ දැඩි සෙනෙහසින්...වටින් පිටින් තවමත් ප්‍රීතී ඝෝෂා ඇහෙනවා...හිටි තැනම ගල් වෙලා නික් ඉස්සරහ ඕඩියන්ස් එක දිහා බලාගෙන හිටියේ කදුලු පිරි දෙනෙතින්....
මොනවා කරන්නද?? දරා ගැනීම අහිමි වීමේ වේදනාව නික්ට දැනෙන්න ගත්තා....එයාට රයන් ගැන තියෙන හැගීම රයන්ටත් එයා ගැන තියෙනවද??? නෑ වෙන්න ඇති....නැත්තම් සඳලි එක්ක කැම්පස් එකේ හැමෝම ඉස්සරහ යාලු වෙයිද???
නික් දිහා අනුහස් බලා හිටියේ වේදනාවෙන්...කොල්ලට කොච්චර බැන්නත් එයා යාශ්ට කැමතීයි කියන එක අනුහස්ට පැහැදිලි....නික්ගේ ඇස් වල මෙවේලේ තියෙන කදුලු කොහෙත්ම සතුටු කදුලු නෙමේ කියලා එයා දන්නවා...
"ඔයා මගේ ප්‍රොපෝසල් එකට උත්තරයක් දුන්නෙ නෑ සඳූ.."
ආදරනීය හඩකින් සඳලිව වැලදගෙන රශ් කියනවා ඇහෙද්දී අතින් බිමට වැටුන මල් කලඹ අහුලගන්න නික් නැවුනේ ඇස් වලින් එක දිගට පනින කදුලු වගේම මුවින් පිටවෙන්න හදන ඉකි බිදුම් බලෙන් හිතේ හිරකර ගනිමින්....
කේශ් රශ්ගේ වෙලා හිටියෙත් නෑ...අඩු ගානේ රශ් එහෙම බලාපොරොත්තුවක්වත් දීලා තිබ්බෙ නෑ...බලාපොරොත්තු දුන්නෙ නෑ කියන්නත් බෑනේ...පොඩි පොඩි ඉගි බිගි පෑවනේ...ගෙදර ඇවිත් කියපු කතා එතකොට නලලට දීපු හාදු...හිත ගැස්සෙන්න කියපු කෝල බස්...මේ හැමදෙයක්ම යාලු කමට කරපුවාද???
නික් අතරමන් වෙලා එයාගේ හැගීම් අතරේ...දැන් රශ් සඳලිගේ බෝයිෆ්‍රෙන්ඩ් නිල වශයෙන්ම...නික්ට අයිතියක් තිබ්බෙත් නෑ...තිබ්බ නම් පොඩි හරි තැනක් රයන්ගේ හිතේ ඒකත් දැන් නෑ...
"මන් කැමතී අයියේ...මන් ඔයාට කැමතී....මන් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දැන්...මට දරාගන්න බෑ අයියේ මේ සතුට"
නික්ගේ ඒකපාර්ශවික ආදරේ මීනී පෙට්ටියේ අන්තිම ඇණයත් ඒ විදියට සඳලි ගැහුවේ කේශ්ගේ හදවත් වේදනාවෙන් කකියද්දී....
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...