ගල් ගැහිලා මොහොතක් බලා හිටපු කොල්ලා අනුහස් වැලමිටෙන් ඇන්නාම පියවි සිහියට ආවේ සෆ්‍රාස්ගේ අත පැත්තකට විසි කරලා....සෆ්‍රාස් රයන් දිහා හැගීම් විරහිතව බලා ඉන්නකොට නික් සෑහෙන අපහසුතාවයට ලක් වුනා...
අනුහස් නම් හිටියේ මේ වෙන දේවල් ඇහුනේ නෑ දන්නේ නෑ ගානට...කොටින්ම නිකේශ් කියන්නේ එයාට එහා පැත්තේ වාඩි වෙලා ඉන්න කොල්ලා විතරයි...එයා අදුනන්නේ නෑ..දන්නේ නෑ....
"රයනා උබත් මේකේද යකෝ..මරු මරු...අපේ දෛවය බලපන්කෝ...එකම තැනටම අපි එනවා නේද බන්..."
සෆ්‍රාස් කීවට රයන් කනකට ගත්තේ නෑ යන්තම්වත්...එයාගේ ඇස් රැඳිලා තිබුනේ කේශ්ගේ බියමුසු ඇස් එල්ලේ....හුලගට හෙලවන දිරාපත් කොලයක් ගානට කොල්ලා අම්බානක ගැහෙනවා හිත ඇතුලේ....
හෙමින් අඩි තියමින් කට කොනක හිනාවක් එක්ක රයන් නික් වාඩි වෙලා හිටපු සීට් එක ලගට ආවේ කොල්ලට දෙලොව රත් වෙද්දී...රයන් ගැන මොනා දැන නොගත්තත් ඒ කේන්තිය මෙයා අත් දැකලා තියෙනවා....ඉතින් හිනා වේගෙන ආවත් ඒ ඇස්වල තියෙන්නේ තරහක් කියන එක කේශ්ට තේරුනා...
"අනුහස්...මල්ලි...උබ පිටිපස්සේ සීට් එකට පලයන්...මන් මෙතන ඉදගන්නවා..."රයන් සන්සුන්ව අනුහස්ට කියනකොටත් අනුහස් නැගිටින්න ලෑස්තී වුනා....
"ඌ මොකටද වෙන තැනකට යන්නේ රයන්...මේක අපේ බස් එක...අපේ එවුන්ටයි ෆස්ට් ඉයර් එවුන්ටයි විතරයි මේකේ යන්න පුලුවන්...බලපන් ගිහින් ලිස්ට් එක...උබ යන්න ඕන ඉස්සරහ එකේ...මන් හිතුවා උබේ ලොකුකම පෙන්නන්නත් එක්ක කාර් එකේ එයි කියලා...උබ ලොකු ලයින් එකේනේ කොහොමත් ඉන්නේ බොක්ක වගේ හිටපු එකාටත් ගහලා...කොහොමත් ලග ඉන්න එවුන්ට නප්පෙට කෙලවන්න උබ දන්නවනේ හොඳට.."
සෆ්‍රාස් නක්කලේට වගේ කියවන් යනකොට අනුහස් අරන් ඇවිත් තිබ්බ චිප්ස් පැකට් එකක් කඩලා උදේ පාන්දරම චරස් ගාලා හපන්න පටන් ගත්තේ බඩගින්නකටත් වඩා අහක යන වලියකට සෙට් වෙන්න තිබ්බ අකමැත්තටමයි...නික් හිටියේ එයාගේ ෂර්ට් එකේ කොනක් නොසන්සුන්ව මිරිකගෙන...
සෆ්‍රාස්ගේ කතාව ඇහුවට පස්සේ රයන් එයාගේ බැක්පැක් එක දඩස් ගාලා බිමට දානකොට මුලු බස් එකම නිහඩ වුනා...අනුහස් චිප්ස් කරස් ගාලා හපන සද්දෙ විතරයි මුලු බස් එක පුරාම ගලා ගියේ...
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...