රයන් ලඟට එනකොට කොල්ලා බයෙන් පස්සට ඇදුනේ තව කිසි වේදනාවක් අද දවසට දරාගන්න ශක්තියක් එයාට නැති හින්දා...
"මොනාද කරන්න හදන්නේ?...මාව නොමරා මරන්නද?..තමුසේ මා එක්ක ඊයේ රෑ ඉද්දී කිව්වේ කොහොමද?...රිද්දන්නේ නෑ අරකයි මේකයි..ඒ වේදනාවට හපන් මේ වේදනාව...මට දුක් දෙන්න එපා තවත් අයියේ...වැදලා කියන්නම්...ඔයාලා මොනවදෝ විස්තර වගයක් පස්සෙන් පන්නනවානේ...ඔයාල ඒ ඔක්කොම හොයාගෙන නම් ඉන්නේ තවත් මාව පීඩා කර කර අහන්නේ මොනවද?.."
නික්ටම හිතාගන්න බැරි වුනා එයාගේ මුවින් නික්මුන කෝපයෙන් මුසපත් වුන වචන පෙළ...රයන් මැරුවත් කමක් නෑ කියන එක කියලා දානවා කියලා කොල්ලා හිතුවා..
"කට නම් තියෙනවා නේද තමුසෙගෙ...කැම්පස් එකට එනකොට හිටිය බයගුල්ලා නෑ නේහ්?...තමුසෙට පර්සනැලිටීස් දෙකක් තියෙනවාද?...."
රයන් බෙල්ට් එක නික්ගේ ඇඟේ ලාවට ගාවන ගමන් කීවේ ඇස් වලින් නෝන්ඩියට හිනාවෙලා...
"ඇයි?...ඔයා හිතන්නේ අහිංසකයෙක් වුනාම කට පණ නැති කොන්ද පණ නැති එකෙක් වෙන්න ඕන කියලද?...මම එහෙම දුර්වලයෙක් නෙවේ..."
"ෂා...මරුනේ මගේ කොල්ලා...මෙච්චරකල් කොහෙද ඒ වීරයාව තමුසේ හංගලා තිබ්බේ?.." රයන්ගේ හඩේ තිබ්බේ උපහාසයක් විතරමයි...
"මා එක්ක කතා එපා...තමුසෙව දකිනකොටත් අප්පිරියයි කිව්වනේ...."
නික් අහකට මූණ හරවලා දත් මිටි කමින් කීවා...එයා කේන්තිකාරයෙක් නෙමේ...මේ විදියට අන්තිමට එයාට කේන්ති ගියේ රිතූව මරපු දා...මිනීමරුවා ගැන හිතලම තරහා ගියා එයාට...
"සෆ්‍රාස් කිව්වත් මේවයින් ගහලා තලලා තමුසෙ වගේ රෝස මලකට රිද්දන්න මට ඕන නෑ...ඒ නිසා අපි මේක ගොඩින් බේරගමු...රිතූ තමුසෙගෙ අක්කාද?..."
කොල්ලගේ මාංචු ගලවන ගමන් රයන් කීවේ බෙල්ට් එක පැත්තකට විසි කරලා...කේශ්ට පුදුමත් හිතුනා සැබෑ වෙනස ගැන...ගොරවන තරමට වහින්නේ නෑනේ..
"රිතූ නිශේල්‍යා විජයවර්ධන ගැන විතරයි මම දන්නේ...ඒ කෙල්ල නම් මගේ අහිංසක හුරතල් අක්කා...මොකෙක් හරි පාහරයෙක්ගේ පහත් ආසාවකට බිලිවුණු...ඌ මට අහු වුනොත් ඒ මොකා වුනත් මන් ඕකව මරලා දාන්න දෙපාරක් හිතන්නේ නෑ...මගෙ අක්කා ගැන ඔයාලා මොකටද හොයන්නේ?...බලාගෙන ගියාම ඔයාලත් දේවල් හංගලා නැද්ද?...ස්ටුඩන්ට්ස්ලා නෙවේ නේද ඔයයි සෆ්‍රාස් අයියයි?...මටත් ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන්...මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒ එකක්වත් නෙවේ...ඔයා මට ඇත්තටම ආදරෙයිද?..හරි කෙලින් උත්තරයක් මට දෙන්න...රණ්ඩු කර කර ගතවෙන මොහොතක් පාසා මට ඔයාගෙන් මේක අහන්න බෑ අයියේ..."
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...