නෝටිස් බෝඩ් එක දැකලා තෝන්තු මාන්තුවෙන් හිටපු නික්ව එක්කගෙන අනුහස් ආවේ කැම්පස් එකේ ලමයි ගොඩක් ගැවසෙන ශොපින් මෝල් එකට...ඒක බම්බලපිටියේ එම්සී එක වගේ...බඩු ගත්තේ නැතත් ශොප්ස් ටික බලලා යන්න හරි එයාලා එනවා....ඒ නැතත් යාලුවෝ සෙට් එකත් එක්ක ගැවසෙන්න කියාපු පොට් එක...
"අනූ අනේ මට බෑ අර දෙන්නත් එක්ක...අයියෝ" නික් ඔලුවට අත් බැඳගෙන කියන්න ගත්තා සෑහෙන අප්සට් එකෙන්...
"මන් විහිලු කලාට මොකෝ බන් උබට සිරාවටම බබා හම්බෙනවා මේ යන විදියට....උබ උන් දෙන්නා එක්ක රූම් එක ශෙයාර් කරගන්න නිසා මට හිතට සැනසීමයි...මට වඩා අන්ත තැනකනේ උබ ඉන්නේ..."
"ඔයා මහ පාප මිත්‍රයෙක් අනූ...එම් අයියා මට කැමති නෑ...සෆ්‍රාස් අයියාව මට තේරුම් ගන්න බෑ..."
"එම් අයියා නෙමේ ඌ පයියා...මට පේන්න බෑ හිකනලා...උබ පරිස්සම් වෙයන්...රයන් අයියගේ පොඩි කාලේ ඉදන් බොක්ක ඌ.. ඉතින් මන් හිතන්නේ නෑ ඌ උබට අප්සෙට් දෙයක් කලත් රයන් උබේ පැත්ත ගනී කියලා...අනික රයන් අයියා උබ එක්ක ටිකක් ෆිට් වෙලා උබව ගෙදර එක්ක ගියා කියලා උබ ඌ හොඳ එකා කියලා හිතන්නත් එපා...මට නම් සත පහකට ශුවර් නෑ උන්ගේ සෙට් එකම..."
"ඔයා මාව තවත් බය කරන එකනේ කරන්නේ...ඔයාට බැරිද මා එක්ක රූම් එක මාරු කරගන්න?...රශ්ට අනම් මනම් කියන්නෙපා...එයා මට ඇත්ත කියනවා...මට ඒක තේරෙනවා..."
"ජෝක් එකක් කලාම දාර ටියුබ් ලයිට් එකක් වගේ වැඩ කරන උබට ඌව තේරෙනවා...අනේ පලයන් බන් යන්න නික්...මට බෑ දැන දැන උන් එක්ක ඉන්න...අපායේ කටු ගහේ නගින්න කියපන් මට මන් ඒක කරන්නම් උබ වෙනුවෙන් ඒත් රූම්ස් නම් මාරු කරන්න බෑ පුතෝ..."
"රශ් කා එක්කද දන්නෙ නෑ...එයාගේ නම බලන්න බැරි වුනානේ කලබලේට.."
"යකෝව් මේ අහපන්...පොඩ්ඩක් අතේ දුරින් ඉදපන් උගේ...හැම ලබ්බටම ඌව හොයන්නෙ නැතුව...කවදාහරි උබට කෙලලා ඇරිය දවසට වරෙන්කෝ නහයෙන් අඩාගෙන...උබට වඩා කොලඹ කොල්ලො ගැන මන් දන්නවා...හැබැයි කරුමයක් ගෙවන්න තියෙනවා නම් උබට මට කරන්න දෙයක් නෑ..." බැරෑරුම්ව අනුහස් කියද්දී නික් තවත් ටිකක් අවුලට පත් වුනා....
KAMU SEDANG MEMBACA
Campus Crush (Complete)✔️
Nonfiksiඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...