Chapter 31

3.4K 550 342
                                    

කේශ් කලබල වෙලා එයාව ඇදලා ගත්ත පුද්ගලයා දිහා බැලුවා..ඌ කලු ඇදගෙන මාස්ක් එකකින් ඇස් දෙක විතරක් පේන්න මූණ කවර් කරගෙන හිටියේ....

"තමුසේ කවුද?...මාව අතෑරපන් මිනිහෝ..."

එයා දඟලලා කෑ ගහනවත් එක්කම එයාව අල්ලගෙන හිටපු එකා උගේ ග්ලවුස් දාපු අතකින් නික්ගේ මුව වහලා කොල්ලව කොරිඩෝ එකේ අඳුරු මුල්ලකට ඇදගෙන ගියා....ඒ ගෙනියනකනුත් නික් හොඳටම දැඟලුවා...මොන කරුමයක්ද කියලා එයාට හිතුනා....

"ෂ්....දඟලන්න එපා නික්...මම ඔයාගේම හොඳටයි ඔයාව අරන් යන්න ආවේ...බය වෙන්නෙපා"

මාස්ක් එකට වැහුනු ආගන්තුකයාගේ මුවින් නික්මුනු හඬ නික්ට හුරුපුරුදු වුනා...

"චතුර අයියේ!!! ඔයා මොකක්ද මෙහෙ කරන්නේ?...මොනාද මේ වෙන්නේ?..."

"අදුනගත්තා නේද මාව එහෙනම්?...කියන්නම්..කියන්නම්...අපි දැන් මෙතනින් පනින්න ඕන...ඔයාගේ ජීවිතේට තර්ජනයක් තියෙනවා...විස්තර කිය කිය ඉන්න බෑ මෙතන..එන්න යමු..."

එහෙම කියලා පවනක් බඳු වේගෙන් වික්ශිප්ත වෙලා හිටපු නික්වත් ඇදගෙන චතුර දිව්වේ ඔක්කොම වීදුරු ටින්ට් කරලා තිබ්බ කාර් එකක් ලඟට...

ඒක පාක් කරලා තිබ්බෙත් ගස් අස්සක...චතුර පැසෙන්ජර් දොර ඇරලා නික්ව තල්ලු කරලා වගේ ඇතුලෙන් ඉන්දලා එයත් ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙලා උපරිම වේගෙකින් හොටෙල් එකෙන් පිටතට ආවේ සයිඩ් මිරර්ස් වලින් පිටිපස්සෙන් කවුරුන් හෝ ෆලෝ කරන් එනවාදැයි දිගින් දිගටම බලමින්...කිසි අනතුරක් නෑ කියලා දැනුනාම චතුර එයාගේ මාස්ක් එක ගලවලා නික්ට හිනාවක් දුන්නත් නික් බලා හිටියේ හිස් බැල්මකින්...

"මොනාද මේ වෙන්නේ කියලා මට කියනවද කරුණාකරලා?...කවුද මගෙ පස්සෙ එන්නේ?....කාටද මාව මරන්න ඕන?...සෆ්‍රාස් අයියා කිව්වෙත් නෑ...අනික ඔ..ඔයා කොහොමද එතනට ආවේ?...අපි ඒ හෝටලේට ගිය බව වෙන කවුරුත් දන්නේ නෑ...ඔයා රයන්ට වැඩ කරපු බවත් මම දැනුයි දන්නේ...ඔයාලා ඔක්කොමලා එකතු වෙලා මාව ලස්සනට ඇන්දුවා...එහෙම කරලා මට මොනාද අන්තිමට ලැබුනේ...දුක වේදනාව විතරයි...මම ආදරේ කරපු අය නැතිවුනා...අන්තිමට මගේ ජීවිතේත් නැතිවෙලා යයි..."

Campus Crush (Complete)✔️Where stories live. Discover now