Chapter 38

3.7K 535 411
                                    

නික් දුවලා ගියේ කෙල්ලන්ගේ හොස්ටල් එක පැත්තට...එයා යනකොටම අඬාගෙන එලියට ආවේ සඳලි....නික් මොනවත් කියන්න ඉස්සෙල්ලාම සඳලි කොල්ලව බදාගත්තා තදින්....නික් ගල් ගැහුනා...

ඉස්සෙල්ලා චතුරගේ කෝල් එක අතරදී කෝල් එක අරන් තිබ්බේ සඳලි...එයා අඬමින් නික්ට කතා කලේ එයාට නික්ව මුණගැහෙන්න ඒ දැන්ම ඕනයි කියන්නයි....නික් අඬන කෙල්ලගේ ඔලුව අතගෑවා...

"මොකද මේ අඬන්නේ??..කොහෙද ලිස්සලා වැටුනා කීවේ?...තුවාලද??.."

සඳලි කෝල් කරලා අඬ අඬ කිව්වේ එයා හොස්ටල් එක ඇතුලේ ලිස්සලා වැටුනා කියලා...උදව්වට කවුරුත් නැති නිසා කොල්ලා දුවගෙන ආවේ...

"මම වැටුනේ නෑ නික්...බොරුවක් කිව්වේ මම ඔයාට...සොරි....අනේ නික්...බලන්න අනුහස්ට කවුරුහරි වෙඩි තියලාලු...එයා හොස්පිටල් ඇඩ්මිට් කරලලු...අනේ මට බයයි...මා එක්කම වගේ එයා හිටියේ මෙහෙ ආවාත් හරි...මම දන්නවා ඔයා එයා එක්ක අවුලින් කියලා...ඒත් මේ වෙලාවේ අනුහස්ව තනි කරලා බෑ...අපි යමුකෝ එයාව බලන්න තරහ මරහ අමතක කරලා..ඔයාගේ යාලුවා නේද මොනවා වුනත්...එයා කරපු දෙයක් කලේ ඔයාගේ හොඳට නික්...ඔයා අනුහස් ගැන කිව්වොත් එන්නේ නැතිවෙයි හිතලයි මම අර වගේ බොරුවක් කිව්වේ....."

නික්ගේ පපුවේ මුහුණ හොවාගෙන කෙල්ල හොඳටම අඩන්න ගත්තේ අනුහස් බලන්න යන්න ඇවිටිලි කරමින්...නික්ට නම් යන්න කිසි වුවමනාවක් නැහැ...ඒක සඳලිට කියන්න හයියකුත් නැහැ....

"ඔයා කලබල වෙන්නෙපා සඳලි....බය වෙන්නෙපා...එයාට මොකුත් වෙන එකක් නැහැ...හොස්පිටල් එකේ නම් ඉන්නේ එයාව බලනවා ඇතිනේ හොඳින්...මටත් දුකයි එයාට එහෙම වුනා නම්..."

බොරු දුකක් මවාගෙන නික් කීවේ අනවශ්‍ය ප්‍රශ්න වලින් ගැලවෙන්න බලාගෙන....

"කවුද අනුහස්ට එහෙම කරන්න ඇත්තේ නික්???..ඊයේ එයා ඔයාව හම්බෙන්න යන්න ඕන කීවා...මම එයාට කිව්වා ඔයාට පාඩුවේ ඉන්න දෙන්න...කාලය ප්‍රශ්න විසඳයි කියලා...මට දුකයි අනුහස් ගැන...එයා මට හොඳම යාලුවෙක් වුනා නික් පහුගිය කාලේ...."

ඉකි ගහමින් සඳලි කියනකොට අනුහස්ගේ මායාවට කෙල්ලත් අහුවෙලා කියන එක නික්ට අපූරුවට පැහැදිලි වුනා....

Campus Crush (Complete)✔️Donde viven las historias. Descúbrelo ahora