රයන් පිහිය අරන් ලඟට එනකොටම කේශ්ගේ ඇස් තදින් පියවුනේ බයටමයි...එයාගේ ඉහින් කනින් දාඩිය ගලන්න ගත්තා....සෑම් බිම ඉන්දවිලා කෙඳිරි ගාන එකවත් එයාට සිහියක් වුනේ නෑ...රශ් කවදාවත් එයාට නරකක් කරන්නෙ නෑ කොච්චර තරහා ගියත්..මෙතන තියෙන්නේ වැරදි වැටහීමක්...තනිකරම එහෙම එකක්...කේන්තිය ඉස්සර කරගන්න කලින් රයන් හිතලා මතලා තීරණ ගන්නේ නෑ...කේශ්ගේ හිත ඇතුලෙන් අකමැත්තෙන් වුනත් රශ්ට චෝදනා පත්රයක් ගොනු කලේ සෑම්ගේ බෝයිෆ්රෙන්ඩ් වෙන්න එයාට සාධාරණ හේතු තිබ්බ නිසයි..ඒවා රයන්ට කියන්නත් බෑ...කියන්න ගිහින් එයා කවුද කියලා හෙලි කරන්නේ කොහොමද...ඒ නැතත් අරයා එයා හිතන කෙනා නොවුනොත්....ආමී එකේ කොල්ලෙක් වුනොත්....හදිසියේම ඔලුවට ආපු ඒ සිතුවිල්ල එයාව තව ටිකක් බය කලා...
මේ ඔක්කොම හිත ඇතුලේ නලියද්දී දන්නේ නැතුවම රයන් එයා ලගට ඇවිත් ඇස් මානේ හුස්මක් දුරින්...වෙනදට ආදරෙන් බලපු ඒ ඇස් අද තරහින් රතු වෙලා...වෙනදට ලන් වෙද්දී හද ගැහෙන්නේ ආදරේට...ඒත් අද ගැහෙන්නේ බයට....වෙනදට රයන්ගේ මූණෙ තියෙන්නේ කට කොනක ආකර්ෂණීය හිනාවක්...අද හකු තද කරගෙන නලල රැලි කරගෙන එයා කෙන්තිය යටපත් කරන්න අසාර්ථක වෑයමක...වෙනදට රයන්ගේ හුස්මක් වැදුනත් නික්ගේ ඇග ගිනියම් වෙනවා...ඒත් අද හිරිගඩු පිපිලා සීතල වෙලා ගතම...රාක්ශයෙක් එයා ඉස්සරහට ඇවිත් වගේ...සෆ්රාස් එක්ක මුලින්ම එයා කතා කරපු දවසේ රයන් යකා වුන හැටියට කොල්ලා බය වුනා තරමට අද හිතෙන බයට කියන්න වචන නෑ එයාට...මෙතුවක් කාලෙට කොච්චර කොහොම දඩබ්බරයෙක් වුනත් රශ් කේශ්ට අසාධාරණව සලකලා නෑ කැම්පස් ආපු මුල කාලේ දුන්න රැග් ටික හැරුනාම...ආදරේ කියන එක වචන වලට පෙරලන්නත් කලින් ඉදන්ම එයාව පරිස්සමෙන් රැක්කා...ඒත් අද එයාගේ ඇස් ඉස්සරහ තමන් වරදකාරයෙක් වුන එක නික්ට දරාගන්න බෑ ..එහෙම වුනත් එයා කියන නිදහසට කරුණු අහන මානසිකත්වයක් රයන් ලඟ නැහැ...
"ර...ශ්...අනේ මේ...ම...මන් කියන එක අහන්නකෝ චුට්ටක්..."
"අහන්න?...තමුසෙ කියන මොන ලබ්බ අහන්නද කියන්නේ ඔක්කොම ඇස් දෙකෙන්ම දැක්කට පස්සේ..."
කේශ් හීන් හඩින් රශ්ට තේරුම් බේරුම් කරන්න පටන් ගන්නකොට අරයා ඇඟට කඩා පැන්නේ එහෙමයි...
CZYTASZ
Campus Crush (Complete)✔️
Literatura Faktuඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...